(යොහාන් භාසුර)
අත්‍යවශ්‍ය භාණ්ඩ 5 ක මිල තවදුරටත් අඩු කිරීමට පියවර ගත් බවත් නව මිල හෙට (19) සිට ක්‍රියාත්මක වන බවත් ලංකා සතොස පැවසීය.
දේශීය ටින් මාලු ග්‍රෑම් 425 ක් රුපියල් 35 කින්, මුංඇට කිලෝවක මිල රුපියල් 20 කින්, හාල්මැස්සො කිලෝවක් රුපියල් 10 කින්, කොත්තමල්ලි කිලෝවක් රුපියල් 10 කින් සහ ආනයනික ටින් මාලු ග්‍රෑම් 425 ක් රුපියල් 5 කින් අඩු කළ බව සතොස සඳහන් කරයි.
ඒ අනුව දේශීය ටින් මාලු ග්‍රෑම් 425 ක නව මිල රුපියල් 650 ක් ද, මුංඇට කිලෝවක නව මිල රුපියල් 1100 ක් ද, හාල්මැස්සො කිලෝවක නව මිල රුපියල් 1090 ක් ද, කොත්තමල්ලි කිලෝවක නව මිල රුපියල් 540 ක් ද, ආනයනික ටින් මාලු ග්‍රෑම් 425 ක නව මිල රුපියල් 545 ක්ද බව සතොස වැඩි දුරටත් සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
160
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලංකා සතොස භාණ්ඩ 5ක මිල තවදුරටත් අඩු කරයි
ඇන්ටන් විජේරත්න Wednesday, 18 October 2023 08:42 PM
මේ මිල අඩුකිරීම බොරු. මීටත් වඩා අඩුවට සති අන්තයේ තරගකාරි මිලකට ගන්න පුළුවන්. අඩු කිරීම මිනිසුන්ට දැනෙන විදිහට කරන්න...