IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ලංකා සතොස භාණ්ඩ 10 ක මිල තවත් අඩු කරයි

(යොහාන් භාසුර)

ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 10 ක මිල තව දුරටත් අඩු කිරීමට පියවර ගෙන තිබේ.

එම භාණ්ඩ අඩු කළ මිලට අද (9) සිට ලංකා සතොස අළෙවිසැල්වලින් මිලදී ගත හැකි බව ද සතොස පවසයි.

වියළි මිරිස් කිලෝවක් රුපියල් 60 කින්, මුංඇට කිලෝවක් රුපියල් 325 කින්, රතු පරිප්පු කිලෝවක මිල රුපියල් 15 කින්, රතු නාඩු කිලෝවක් රුපියල් 15 කින්, හාල්මැස්සන් (තායි) කිලෝවක් රුපියල් 10 කින්, පාන් පිටි කිලෝවක් රුපියල් 10 කින්, සෝයා මීට් කිලෝවක් රුපියල් 10 කින්, රතු කැකුළු සහල් කිලෝවක් රුපියල් 6 කින්, කඩල කිලෝවක් රුපියල් 5 කින් සහ සුදු සීනි කිලෝවක් රුපියල් 4 කින් අඩු කළ බව ද සතොස කීය.

ඒ අනුව වියළි මිරිස් කිලෝවක් රුපියල් 1,290 කට, මුංඇට කිලෝවක් රුපියල් 1,225 කට, රතු පරිප්පු කිලෝවක මිල රුපියල් 299 කට, රතු නාඩු කිලෝවක් රුපියල් 200 කට, හාල්මැස්සන් (තායි) කිලෝවක් රුපියල් 1,140 කට, පාන් පිටි කිලෝවක් රුපියල් 200 කට, සෝයා මීට් කිලෝවක් රුපියල් 650 කට, රතු කැකුළු සහල් කිලෝවක් රුපියල් 139 කට, කඩල කිලෝවක් රුපියල් 540 කට සහ සුදු සීනි කිලෝවක් රුපියල් 225 කට මිලදී ගත හැකි බව ද සතොස සදඟන් කරයි.



අදහස් (2)

ලංකා සතොස භාණ්ඩ 10 ක මිල තවත් අඩු කරයි

gamaathi Friday, 09 June 2023 12:10 PM

මිල අඩුකිරීම නම් ඉතාමත් හොඳයි. එසේ වුවත් සතොස කඩල ගුණාත්මකභාවයෙන් අඩුයි.. කොටසක් තැම්බෙයි, කොටසක් තැම්බෙන්නේ නැත.

:       1       10

සුරංගොඩ Friday, 09 June 2023 05:47 PM

සහතිකම ඇත්ත මමත් කාලෙකට පස්සේ සතොසට ගියා තිබුණු කඩල, මුංඇට වගේ පොඩියි. මම දන්නවා ඒවා කන්න බැහැ කියලා... මම නම් නොගෙන ආපසු ආවා මිල අඩුකළා කිව්වාට රාක්කවල බඩු නම් නැහැ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 541 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 273 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site