
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
ජලාශවල ජලය මීට පෙර ක්‍රමානුකූලව ඉවත් කළේ නම් මෙතරම් ජීවිත විනාශයක් සිදු නොවන බව සමග ජන බලවේගයේ කෑගලු දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂිම් මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව නොවැම්බර් 12 වෙනකොට මෙවැනි තත්ත්වයක් ඇතිවන බව දැනුම් දී තිබූ බවද ඔහු සඳහන් කළේය.
කබීර් හෂිම් මහතා මෙසේද පැවසීය.
එකවර ගේට්ටු ටික ඇරියම මොකද වෙන්නේ. අන්තිම මොහොත වෙනකන් වතුර ටික යැව්වේ නෑ. එක පාරටම ගේට්ටු ඇරියා. ගම්පොළ නගරයේ දාහක් විතර මැරිලා ඇති. වතුර ටික ටිකෙන් ටික ඇරිය නම් සියයට 75ක් ජීවිත බේරගන්න තිබුණා. දදුරු ඔය වාන් ගේට්ටු ඔක්කොම එක සැරේ ඇරියා. අපරාදේ ජීවිත. ආණ්ඩුව මේක හරියට කළමනාකරණය කළේ නැහැ. වරද්ද ගත්ත නම් දැන්වත් ඒක හරියට කරමු. අපෙත් අත්දැකීම් තියෙනවා මේ ගැන අපිට කතා කරන්න තිබුනා. රජය නිසි වෙලාවට පියවර ගත්තේ නැහැ.ලැජ්ජ වෙන්න එපා. වැරදුණා නම් අපි ඒක හදාගමු.
2025 නොවැම්බර් මස 21
316
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
346
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1279
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ලොකු විනාශයක් ඇතිවුණේ ජලාශවල ජලය එකපාරටම යවපු නිසයි
charith Monday, 01 December 2025 11:33 AM
නොදන්න මගුල් කතා නොකර ඉන්නවනම් තම්යි හොද, මොකද අවුරුදු ගානක් කොරපු දේවල් මේ රටේ මිනිස්සු නොදන්නවයෑ...
fairoos Monday, 01 December 2025 11:33 AM
මෙයා නිකං මගුලක් කතා කරනවා දැන්
ගුණරත්න Monday, 01 December 2025 11:40 AM
උන් කවදාවත් තමන්ගේ වැරැද්ද පිළිගත් අය නෙවෙයි, මේකත් පහු ගිය ආණ්ඩු වලට බැනලා අතපිහිදාගනීවී, මම අදත් දැක්කා එකෙක් විජේවීර උපුටාදක්වල තිබෙනවා කඳුකරයේ ජලාශ හැදීම ගැන.
කෞෂිMonday, 01 December 2025 12:06 PM
අනෙක් අය මොනවා කළත් නොකළත් ගුණරත්න ඒවා ගණන් ගන්න එපා. 21 නුගේගොඩ ලස්සනටම නැටුව එක ගැන සතුටුවෙන්න.
pradeepMonday, 01 December 2025 12:35 PM
ජලාශ වහගෙන ඉදලා ගියානම් නුඹලා මොනවා කියයිද?
Pankumburage Monday, 01 December 2025 11:43 AM
ඔයගොල්ලො හරියට කරපු නිසා තමයි. රට බංකොලොත් උනේ. යන්න හලෝ යන්න.
jaye Monday, 01 December 2025 11:55 AM
කලින් වතුර ඇරල වැස්සෙ නැත්තන් කියයි, වහින්න කලින් වතුර ඇරිය, ඇයි එහෙම කලේ කියල. ඇට නැති දිවනෙ...
ජහ මනයා Monday, 01 December 2025 11:58 AM
අපරාදේ, කට වහගෙන උන්නා නම් හාන්න වත් ගන්න තිබුණා. ඒ වැඩේට වත් ගැලපෙන්නේ නැහැ වගේ මේ ...
Perera Monday, 01 December 2025 12:24 PM
මෙයා වාරි ඉංජිනේරුවෙක්ද? පණ්ඩිතකම් කියවන්නේ...
Jayasekara Monday, 01 December 2025 12:24 PM
නොදන්න මගුල් කතා නොකර ඉන්න. බැම්ම කඩාගෙන ගියොත් කියය්, අපරාදෙ දොරටු ඇරියේ නැත්තේ කියලා... ඒවා තීරණය කරන්නේ අදාල විෂය බාර ලොකු අය. නැතිනම් ජනාධිපතිතුමා නෙවෙයි. කරපු හරිය අමතක නැහැ කට්ටියම... කෙළවපු කෙළවිල්ල දන්නේ රටේ මිනිස්සු.
pradeep Monday, 01 December 2025 12:33 PM
නොදන්නා මගුල් කියන්න එපා. ජලාශවල දොරටු අරින වහන එක තීරණය කරන්නේ ඒකේ ඉංජිනේරුවන් ඩෑම්වලට එන දේවල් බලලා... වහගෙන ඉදලා කැඩිලා ගියා නම් මොකද වෙන්නේ?
Kalu Monday, 01 December 2025 12:37 PM
ඕවා කියන්න කළින් වාරිමාර්ග ඉංජිනේරු දන්න කෙනෙක් ගැන අහලා බලන්න.
Niranga Monday, 01 December 2025 12:41 PM
ජලාශයේ වතුර වැඩිවෙද්දී ජලාශය ලොකු වෙන්නේ නෑ.
Citizen Monday, 01 December 2025 12:44 PM
ඒක රජය නොවෙයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වගකීමක්. වේලි ආරක්ෂක ඉංජිනේරුවන් ඉන්නවා. මේ වගේ ඛේදජනක ව්‍යසනයකදී ඔබ මඩ ගහන්නේ ඇයි? ඔබ ඡන්ද අල්ලනවාද? කරුණාකරලා වඩාත් පරිණතව ක්‍රියා කරන්න උත්සාහ කරන්න. ඔබේ හැසිරීම ලැජ්ජාවට කරුණක්...
Hafeel Monday, 01 December 2025 01:37 PM
මේයා කියන විදිහට කලින් ජලාශවල වාන් දොර කලින් ඇරියා නම්, මේයාම කියාවි අපරාධේ ජලය නිකං අපතේ ඇරියා කියලා. ඔයත් 2003ත්, 2016ත් බලයේ හිටියා නේද? ඒ වෙලාවෙත් මහ විපත්තුවක් උනා. එදා ඔයාලාට කරන්න බැරිවුණේ ඇයි?
බද්රානි Monday, 01 December 2025 01:55 PM
ජනාධිපති තුමයි, ඇමති මණ්ඩලයයි ගිහින් ඔය ජලාශවල වතුර අරින්න කියලද මේ මනුස්සය කියන්නේ..? ඇයි ඔය තැන්වල රජයෙන් වැටුප් ගෙවන ලොකු ලොක්කෝ නැද්ද..? ඒ අයට නේද මේ සම්බන්ධයෙන් අත්දැකීම් හා දැනුම තියෙන්නේ..? නමුත්, මේ රාජ්‍ය ආයතනවල වැඩකරන එවුන්ගේ විනෝදාංශය තමයි අනෙකාව පීඩාවට පත් කිරීම.. මම නම් කියන්නේ මීට වගකිව යුතු සේවකයින්ව වතුරටම තල්ලු කරන්න ඕනා කියලයි..
VK.Lankaputhra Monday, 01 December 2025 02:19 PM
අම්ටම සිරි, ඒ පාර තම්බි වාරි ඉංජිනේරුවෙක් වෙලා. නොදන්න රෙද්ද වල් ගැන කතා නොකර හිටියොත් තමා හොඳ. අසලාහු මලික්කම්
Nihal Dharmatileke Monday, 01 December 2025 02:20 PM
බැම්ම කැඩෙනකම් ඉඳලාද වතුර අරන්න තිබුනේ ? Kabir…. ඔලුව අතගාලා බලන්න අං තියෙනවාද කියලා.
Gamage Monday, 01 December 2025 04:07 PM
අමු ගවයින්...