IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


ලෝක බැංකු ප්‍රධානීහු චීන බැංකු සභාපතිවරු සමග සාකච්ඡා

(විමුක්ති එස් රුද්‍රිගු)

චීන එක්සිම් බැංකුවේ සහ චීන සංවර්ධන බැකුවේ සභාපතිවරුන් චීනයේ සංචාරයක නිරත වන ලෝක බැංකු සභාපති ඩේවිඩ් මැල්පාස් මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජීවා මහත්මිය සමඟ සාකච්ඡාවක් පැවැත්විණි.

එහිදී  ලෝක ආර්ථික තත්ත්වය, ශ්‍රී ලංකාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවල ණය පිළිබඳ ඵලදායී සාකච්ඡාවක් පැවැත්වූ බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කර ඇත.

එම සාකච්ඡාව පැවැත්වුයේ චීන එක්සිම් බැංකුවේ සහ චීන සංවර්ධන බැකුවේ සභාපතිවරුන් සංවිධානය කර තිබූ රාජකාරී මට්ටමේ භෝජන සංග්‍රහයක් අතරතුර බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සඳහන් කර තිබේ.

 



අදහස් (7)

ලෝක බැංකු ප්‍රධානීහු චීන බැංකු සභාපතිවරු සමග සාකච්ඡා

ganegoda Saturday, 10 December 2022 03:39 PM

මෙව්වා නිකන් බොරු වැඩ... වෙන වැඩකුත් නැහැ.. වෙන්න තියන දේකුත් නැහැ.

:       70       16

Sujeewa Saturday, 10 December 2022 04:54 PM

කොච්චර සත්‍ය කතාවක්ද කියලා තියෙන්නේ? සාකච්ඡාවට යවන්න තිබුණේ... ‘‘අග්‍ර පණ්ඩිත ගනේගොඩ උතුමන්‘‘ නොවේද?

:       10       52

ගලපර Sunday, 11 December 2022 11:12 AM

ගනේගොඩගේ කතාව එක අතකට හරි. මේ හොරු ආණ්ඩු කරනකම් මොන සල්ලි හම්බ වුණත් හොරාකනවා මිසක් රටටත්, ජනතාවටත් සත පහක වැඩක් නැහැ. නැත්නම් රාජපක්ෂලා රනිල්ලා අවුරුදු 25ක් 30ක් ආණ්ඩු කරලා මුලු රටම බංකොළොත් කරලා වලපල්ලට යවලා නැත්තට නැතිකරයිද?

:       0       12

asela09Sunday, 11 December 2022 02:00 PM

ළමාවියේදී තැන්තැන්වල දූෂණයට පත්වූ ළමයින්, යම් දවසක වැඩිහිටියන් වුණාට එයාලාට, කෙළින් හිතන්න, කෙළින් කතාකරන්න, කෙළින් ක්‍රියාකාරීවෙන්න අපහසුයි... ඉතින් සුජීව ඔයත් ඒ වගේ උදාහරණයක ප්‍රතිඵලයක්...

:       0       9

Sama Sunday, 11 December 2022 11:17 PM

එදා වේලට ජනතාව රැවටීම​...

:       0       3

R Sugathadasa Monday, 12 December 2022 09:43 AM

කොච්චර කතා කළත් ප්‍රතිඵලයක් නෑ. මේ තරම් බලගතු මේ අයට පුළුවන්ද ලංකාවේ විවිධ පුද්ගලයින් විසින් සොරාගත් මුදල් තිබෙන තැන් සොයාගෙන ඒ මුදල් ලංකාවට ගේන්න. එවිට විවිධ මාධ්‍ය ප්‍රචාරවලට අනුව විශාල මුදල් ප්‍රමාණයක් තිබෙන නිසා ශ්‍රී ලංකාවට ආපසු ගෙන ඒමට හැකි නිසා ශ්‍රී ලංකාවට ණය ලබා දීම අවශ්‍ය නොවේ.

:       0       2

sharm warn Monday, 12 December 2022 02:54 PM

ලංකාවේ හොරුන්ව පෝෂණය කරපු චීනෙට විරුද්ධව කතාකළා කියලා රාසමානික්කම් මන්ත්‍රීවරයාට විරුද්ධව පෝස්ටර් උස්සගෙන හිටපු වහල්ලු ඉන්න රටක්නේ මේක... තව මොන කතාද? ‘‘ශ්‍රී ලංකාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින‘‘ ආච්චිගේ ඉටිගෙඩිය තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1584 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1375 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 490 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site