IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ලක් කත ගල් ගසා නොමරයි

සෞදි අරාබියේ  දී ගල් ගසා මරා දැමිමට  නියම වු  ශ්‍රී ලාංකික  කාන්තාවගේ  දඩුවම සිර දඩුවමක් දක්වා  ළිහිල් කර  අැතැයි  විදේශ නියෝජ්‍ය  අමාත්‍ය අාචාර්ය හර්ෂ ද සිල්වා  මහතා පැවසිය.

ශ්‍රි ලාංකික කාන්තාව වෙනුවෙන්  ඉදිරිපත් කළ අභියාචනය පෙරේදා (22) සෞදි  අධිකරණයේදී සළකා  බැලිමෙන්  පසු මෙම තින්දුව ලැබී ඇතැයි ද නියෝජ්‍ය ඇමැති කිවේය.

එම කාන්තාවට  දිය හැකි  උපරිම නිතිමය සහනයක්  ඉල්ලමින්  මෙම අභියාචනය ගොනු කළ අතර  නිතිමය ගාස්තු විදේශ අමාත්‍යංශයේ නිති අංශය විසින් දරනු ලැබීය.

එම කාන්තාව සමඟ අනියම් ඇසුක් පැවැත්වු බවට  කියන තරුණයාට  එරෙහි සෞදි අධිකරණය කස පහර  100ක් නියම කළේය.



අදහස් (0)

ලක් කත ගල් ගසා නොමරයි

සුමිත්‍රා බස්නායක Wednesday, 23 December 2015 04:26 PM

ප්‍රියන්ත,100 න් 50ක් විතර ඔයා ඉල්ලාගෙන බලන්නකෝ කොහොමද කියලා. (නි)

:       0       0

නිමල් ලාලිත Wednesday, 23 December 2015 04:35 PM

කර ඇත්තේ වරදක් වුණත් එය සිදුව තිබෙන්නේ දෙදෙනාගේම කැමැත්තෙන්. (නි)

:       0       0

කේසර Wednesday, 23 December 2015 04:36 PM

මේ තීරණය ගැන සතුටුවෙන්න පුළුවන් අපිට (නි)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Thursday, 24 December 2015 11:23 AM

කොහොම හරි නැතිවෙන්න ගිය ජිවිතයක් බේරා දුන්නට , මේ ආණ්ඩුවට ස්තුතියි , හරක් එළුවන් වෙනුවෙන් කෑ ගහපු කිසි කෙනෙක් මේකට කතා කරනවා දෙකක් නැහැ. (ස)

:       0       0

පෙරේරා Wednesday, 23 December 2015 05:37 PM

කස කිවුවට මේක අඟල් 1/2ක් විතර ඝනකම වේවැලක්. හැබැයි හොඳට රිදෙන්න වදිනවා. (නි)

:       0       0

කීර්ති Wednesday, 23 December 2015 10:14 PM

සිංහල කිසිම කෙනෙක් සෞදි අරාබියට යවන්න එපා. අනික් අය ගැන මට කියන්න බැහැ. (ස)

:       0       0

චමල් Wednesday, 23 December 2015 11:53 AM

පේනවා නේද යහපාලනය? රිසානාව බේරගන්න එදා හිටපු දේශප්‍රේමීන්ට බැරිවුණා. අද කොහොමද? (නි)

:       0       0

සුජීවා Wednesday, 23 December 2015 12:02 PM

මට නම් ජීවිත කාලෙම හිරේ ඉන්නවට වඩා සැපයි එකවර මැරිලා යන එක. නමුත් ඇගේ ජීවිතය ගැළවීම ගැන සතුටුයි (නි)

:       0       0

ඉඳුනිල් Wednesday, 23 December 2015 12:09 PM

සතුටුදායක ආරංචියක් (නි)

:       0       0

විජිත් Wednesday, 23 December 2015 12:30 PM

ඇයගේ ජීවිතය බේරුනත් ඇයගේ ආධ්‍යාත්මය සදහටම මියගිහින්. (නි)

:       0       0

අල්විස් Wednesday, 23 December 2015 12:55 PM

හොඳයි. නමුත් මෙය කාටත් හොඳ පාඩමක්. වැරදි මාර්ගයේ යන්න එපා (නි)

:       0       0

දර්ශන Wednesday, 23 December 2015 12:59 PM

අයියෝ! රිසානාව මතක්වුණා මට මේ වෙලාවේ (නි)

:       0       0

සමන් Wednesday, 23 December 2015 01:05 PM

සෞදි රටට, කුවේට් වලට ගෘහ සේවිකාවන් යැවීම නතර කළයුතුයි.මැද පෙරදිග මෙවැනි සිදුවීම් බහුලව දකින්න ලැබෙනවා. අහුවෙන්නේ ඉතා සුළු ප්‍රමාණයක් පමණයි (නි)

:       0       0

ජයාත් Thursday, 24 December 2015 03:35 AM

මේකෙන් ගම්‍යවෙන දේ ඔය මොකුත් නෙමෙයි, අපේ "තානාපති " කාර්යාල යැයි කියාගන්නා තැන්වල ඉන්න උදවියගේ ක්‍රියාකලාපයන් තමයි. මැදපෙරදිග රටවල හැම කාර්යාලයක්ම වගේ ඔහොම තමයි. අපේ අහිංසක අම්මලා, සහෝදරියන් වෙනුවෙන් නෙමෙයි වැඩ කරන්නේ (නි)

:       0       0

කමනි Wednesday, 23 December 2015 01:04 PM

දැන් ඉතින් සෞදි නොයවන කතා නවතීවි. දිගටම අපේ කාන්තාවන් සෞදි යවාවි. ආයේ ඕක ගැන මතක්වෙන්නේ තව කෙනෙක් මරන්න නියමකළ දාට. (නි)

:       0       0

අසාද් Wednesday, 23 December 2015 01:17 PM

සෞදි නෙමෙයි, මොනම රටකටවත් වැඩකාරකමට කාන්තාවන් නොයැවිය යුතුයි. රටේ පවුල් සංස්ථාව පිරිහෙන්න මෙය ප්‍රධාන හේතුවක්. කාන්තාවකට ආරක්ෂාව, රැකවරණය සැපයීම පිරිමින්ගේ යුතුකම සහ වගකීමයි. (නි)

:       0       0

සුමිත්‍රා බස්නායක Wednesday, 23 December 2015 01:40 PM

අසාද්, ඔයා වගේ ලංකාවේ හැම පිරිමියෙක්ම ඔහොම හිතනවා නම් අපේ කාන්තාවෝ මොනතරම් වාසනාවන්තද? එහෙම නැති නිසානේ මේ වගේ දේවල් සිද්ධවෙන්නේ. (නි)

:       0       0

වාසල Wednesday, 23 December 2015 01:50 PM

මැදපෙරදිග රටවලට යන්න එපා. දැන් වෙලා තිබෙන දේවල් වලින් පෙනෙනවා නේද ඇත්ත? තවත් යනවා ඉවරයක් නැහැ. (නි)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 23 December 2015 01:59 PM

ආදී සිංහලුන් පිට දීපදේශ ජයගත්තා! ඒත් අද සිංහලයන්ගේ කොන්ද පණ නැහැ. තමන්ගේ බිරිඳව රට යවලා බිරිඳගෙන් යැපෙන මිනිස්සු බවට පත්වෙලා. ඔන්න හැම පිරිමියෙක්ම නෙමෙයි හොඳේ! (නි)

:       0       0

සමන්ති Wednesday, 23 December 2015 02:32 PM

පිටබැද්දර ජයා, ඔය තනුව කාගේද? (නි)

:       0       0

මනෝජ් Wednesday, 23 December 2015 02:32 PM

සෞදිය බයවුණා අපේ ගෘහ සේවකයන් යැවීම නැවැත්වීමේ තීරණයක් ගනී කියලා. (නි)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 23 December 2015 02:44 PM

කාන්තාවනුත් දැනගන්න ඕනෑ තමන්ගේ සීමාව (නි)

:       0       0

ප්‍රියන්ත Wednesday, 23 December 2015 02:55 PM

කසපහර 100 වැදුනහම මිනිහෙක් ජීවත්වෙයිද? (නි)

:       0       0

සනත් ගුණවර්ධන ස්විස් Wednesday, 23 December 2015 03:10 PM

සෞදියේ හිර ගෙදරක ජීවත්වීමට වඩා මරණය ඉතා වටිනවා. සෞදි කියන්නේ ලෝකයේ මානුෂික අයිතිවාසිකම් නැති රටක් (නි)

:       0       0

ලෙස්ලි ලෝව් මිලානෝ Wednesday, 23 December 2015 03:15 PM

අර රිසානාට වගේ වැඩේ වරදිනතුරුම කයිවාරු ගගහා නොසිට අවශ්‍ය පියවර රැගෙන මරණ දඬුවමෙන් ගළවාගත් රජයට අපේ ස්තුතිය! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 548 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 275 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1075 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site