IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


ලක් කතුනට සයිප්‍රස් රැකියා වැඩිවේ

ඉතාලියේ ශ්‍රි ලංකා තානාපති අසිත පෙරේරා සයිප්‍රස් ජනාධිපති දිමෙත්ත්‍රිස් ක්‍රිස්ටොපියස් ඉදිරියේ  එරට වැඩ බලන තානාපති වශයෙන් දිව්රුම් දුන්නේය. නිකෝෂියා ලනාතා ලිමොසිල් හා තාවෝක් නගරවලට ගිය තානාපති ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ද එරට  කම්කරු විදේශ හා අභ්‍යන්තර කටයුතු ඇමැතිවරුන් හමුවිය. වියට්නාමයෙන් එන ගෘහ සේවිකාවන් සයිප්‍රසයේ දී ගණිකා වැඩ කරතියි කියමින් සයිප්‍රසය එරටින් කතුන් නොගෙන්වීමට කැර ඇති තීරණය ශ්‍රී ලංකා  කාන්තාවන්ට  බලනොපාන බව ද, ශ්‍රී ලාංකික කතුනට වැඩි ඉඩක් දීමට    අභ්‍යන්තර හා විදේශ ඇමැතිවරුන් පොරොන්දු වූ බව ද තානාපති කියයි. ශ්‍රි ලංකා කාන්තාවන් ද වැඩිපුර මුදල් ඉපැයිම සඳහා දහවල් ගෘහ සේවා රැකියාවට අමතරව රාත්‍රියට ලොව පැරණිම රැකියාවට වීදි බසිතියි ශ්‍රී ලංකා ශ්‍රමිකයෝ පිරිසක් තානාපතිට කීහ. එවැනි දේ වර්ධනය වුවහොත් වියට්නාම ගෘහ සේවිකාවට මෙන් ම ශ්‍රි ලාංකික කාන්තාවනට ද සයිප්‍රස් දොරටුව වැසී යෑමට ඉඩ ඇතැයි තානාපති පවසයි. සයිප්‍රස් ශ්‍රි ලාංකාක ශ්‍රමිකයන්ගේ ඉල්ලීමක ප්‍රතිපලයක් ලෙස නිකෝෂිය අගනුවර පිහිටි ශ්‍රී ලාංකා කොන්සියුලර් කාර්යාලය පෙබරවාරියේ ඉදිරිදා දිනයන් හිදි විවෘත කැරෙයි. එරට ශ්‍රී ලාංකිකයෝ විසිහය දාහක් සිටිති. ඉන් සියයට 90ක්ම ගෘහ සේවිකාවෝය.  



අදහස් (0)

ලක් කතුනට සයිප්‍රස් රැකියා වැඩිවේ

හේමමාලා Wednesday, 25 January 2012 07:52 PM

අපේ අය විශේෂයෙන් කාන්තා පක්ෂය අපේ රටේ නම්බුව විතරක් නෙමෙයි තමන්ගෙ නම්බුවත් දෙකම නැති කරනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 156 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 94 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1686 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site