IMG-LOGO

ලක්සිරී විජේසිංහගෙන් අකුරු තුනක්

අකුරුවලට සිර නොවූ හැඟුමක් ලෙසින් හඳුන්වා ඇති මෙම කෙටි චිත්‍රපටය පියෙකුගේ ආදරය මත දිවෙන්නක්. චිත්‍රපටයේ ඉතා සිනමාත්මක කාරණා අන්තර්ගත වන අතර ඔබට මෙය කෙටි චිත්‍රපටයක්ද යන හැඟීම ඒ නිසා ඇති වන්නටත් ඉඩ තිබෙනවා.

මේ ඒ සම්බන්ධයෙන් එහි අධ්‍යක්ෂිකා ලක්සිරි නවෝදනී විජේසිංහගේගේ අදහසයි. මේක මම කළේ විශ්වවිද්‍යාලයේ ව්‍යාපෘතියක් විදියටයි. ලෝකයේ තිබෙන සබඳතා අතරේ තාත්තෙකුගෙයි දුවෙකුගෙයි සම්බන්ධය ඉතා පිවිතුරු එකක්. මේ කතාවෙදි තාත්තාගේ චරිතය කතුවරයෙක්. ඒනිසා ඔහු බොහෝවිට පොත් තුළින් තමයි ජීවිතය දකින්නේ. නමුත් පොඩි ළමයි ඔවුන්ගේ හිත්වලින් පොතපතට කලින් ඒ දේවල් ග්‍රහණය කරගන්නවා. පොඩි ළමයි ලඟ අපි ලඟ නැති ලෝකයක් තියෙනවා. ඔවුන් ජීවත් විය යුතු මොහොතේ ජීවත් වන නිසා ඔවුන් ඉක්මනින් සතුටු වෙනවා. මේ කෙටි චිත්‍රපටය ඇතුළෙ මම ඒ කතාව කියන්නට උත්සාහ කරනවා.

ඔවුන් කොතරම් සරළව තමන්ගේ ආශාවන් සංසිඳවා ගන්නවාද? මිනිසුන් ඉතා තාර්කිකව විශ්ලේෂණය කර සොයාගන්නා දෑ කුඩාවුන් අතරේ සිනහවකින් හුවමාරු වන අයුරු බලන්නට ලක්සිරි විජේසිංහගේ අකුරු තුනක් කෙටි චිත්‍රපටය කදිම උදාහරණයක් බව සාරවිට අපගේ විශ්වාසයයි.

 

රංගනය

  • බුද්ධික සේමසිංහ
  • පබසරා නෙත්මිනී
  • මිහින් විජේසිංහ
  • ඩබ්. එම්. දිසානායක

 

කැමරාකරණය සහ සංස්කරණය

  • සම්පත් කුමාර

 

තිරරචනය සහ අධ්‍යක්ෂණය

  • ලක්සිරි විජේසිංහ

 

රචින්ත ජයවර්ධන

 



අදහස් (0)

ලක්සිරී විජේසිංහගෙන් අකුරු තුනක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 312 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 796 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site