
(ටී.කේ.ජී.කපිල)
රුපියල් ලක්ෂ අසූවක් පමණ වටිනා මැණික් තොගයක් නීතිවිරෝධී ලෙස තායිලන්තය බලා රැගෙන යාමට තැත් කළ ව්‍යාපාරිකයෙකු කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (31) අත්අඩංගුවට ගෙන තිබේ .
මොහු ගාල්ල ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි ව්‍යාපාරිකයෙකි .
ඔහු තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටත්ව යාම සදහා එයාර් ඒෂියා ගුවන් සේවයේ එෆ්.ඩී.- 141 දරන ගුවන් යානයට පිවිසීම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත ඊයේ රාත්‍රී 09.45 ට පැමිණ තිබුණි .
ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ල තුළ සූක්ෂම ලෙස සගවා ගෙන තිබූ රුපියල් ලක්ෂ අසූවක් පමණ වටිනා මෙම මැණික් තොගය රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සොයා ගෙන අත් අඩංගුවට ගෙන තිබේ .
පසුව මේ පිළිබඳ විධිමත් රේගු පරීක්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ කාංචන ප්‍රදීප් මහතා විසින් පැවැත්වූ අතර එහිදී මෙම මැණික් තොගය රාජසන්තක කිරීමට නියෝග කළ අතර මෙම ව්‍යාපාරිකයාට රුපියල් ලක්ෂ දහයක දඩ මුදලක් ගෙවන ලෙස ද නියෝග කළේය .
2025 දෙසැම්බර් මස 18
504
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
261
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලක්ෂ 80ක මැණික් සමග අයෙක් අත්අඩංගුවට