(ෂේන් සෙනෙවිරත්න)
මහනුවර පේරාදෙණිය පාරේ විදේශිකයන්ට මැණික් අලෙවිකරන ප්‍රධාන පෙළේ මධ්‍යස්ථානයකට පැමිණ මැණික් මිලදී ගන්නා මුවාවෙන්රුපියල් ලක්ෂ 80ක් පමණ වටිනාමැණික් ගලකට ව්‍යාජ මැණිකක් මාරු කළ දෙදෙනා සැකපිට අත්අඩංගුවට ගත් බවමහනුවර මූලස්ථාන පොලිසිය කියයි .
මොවුන් දෙදෙනා කෝටිපති ව්‍යාපාරිකයන් බව හඟවමින්ඉකුත් 20 වැනි දින තවත් තැරැව්කාර පුද්ගලයෙක් සමග පැමිණ අදාල මැණික් අලෙවි මධ්‍යස්ථානයේමැණික් පරික්ෂා කරමින් සිටආපසු ගිය අවස්ථාවේදී එහි තිබූ රුපියල් ලක්ෂ 80ක් පමණවටිනා කමකින් යුත් මැණික් ගලක බර වෙනස් වීම සම්බන්ධයෙන් පරික්ෂා කිරීමේ දී එය ව්‍යාජ මැණික් ගලක් බවටඑහි අලෙවිකරුවන්ටතහවුරු වීමෙන් පසුඅදාළ පුද්ගලයන්ට එරෙහිව මහනුවර මූලස්ථාන පොලීසියේ පැමිණිල්ලක් ගොනු කිරීමෙන් අනතුරුව පොලිස් විමර්ශන ආරම්භ වී තිබුණි .
කෝටිපති ව්‍යාපාරිකයන් බව හඟවමින් ඔවුන් සමගපැමිණිකොළඹ ප්‍රදේශයේතැරැව් කාර පුද්ගලයාඅත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදීඑම වංචනිකයන්ගේ සුලමුලපොලිසියට හෙළිව තිබේ .
මැණික් අලෙවි මධ්‍යස්ථාන වල තබා ඇති වටිනා මැණික් වල වර්ණය සහ හැඩයතැරැව්කරුවන් මගෙන් වට්ස්අප් මාර්ගයෙන් ගෙන්වාගන්නා මෙම වංචනිකයන්ඒ හා සමාන විදුරු ගල් කපා හැඩ දමාඑමතැරැව් කරුවන් සමගමඅදාල මැණික් අලෙවි මධ්‍යස්ථාන වලට පැමිණමැණික් පරික්ෂා කරමින් සිටියදී ඊට ව්‍යාජ ගල යොදා නියම මැණික සඟවා ගෙන යාමමොවුන් විසින් සිදු කොට ඇති බවපොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ .
මේ ආකාරයට මෙම වංචනිකයන් දෙදෙනාමහනුවර නගරයේ මැණික් අලෙවි මධ්‍යස්ථානයකින් සහ කොළඹ ප්‍රදේශයේ මැණික් අලෙවි මධ්‍යස්ථානය කින්මැණික් හොරකම් කොට ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ .
කොළඹ ප්‍රදේශයේ සහ මාතර ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු වන සැකකරුවන් අද (23) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ලක්ෂ 80ක මැණික මාරු කළ දෙදෙනා මාට්ටු