IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ලක්ෂ 26 ඩුබායි ගෙනයන්න බැරිවේ

රුපියල් විසි හත් ලක්ෂ අනූ අට දහස් හයසිය දහ අටක් වටිනා විදේශ මුදල් තොගයක් තම ගමන් මල්ලේ සගවාගෙන ඩුබායි බලා යාමට පැමිණි ශ්‍රී ලාංකිකයෙක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අද  අත් අඩංගුවට ගනු ලැබීය.

සැකකරු දෙමටගොඩ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකි.

අත් අඩංගුවට ගනු ලැබු විදේශ මුදල් අතර සෞදි රියාල් 70,000 ක්, කුවෙට් ඩිනාර් 360ක්, බහරේන් ඩිනාර් 80ක්, ජෝර්දාන් ඩිනාර් 25ක් සහ  ඕමාන් රියාල් 20 ක් තිබු බව රේගුව කියයි.

සැකකරු මිහින් ලංකා ගුවන් සේවයට අයත් එම්.ජේ  407 දරණ ගුවන් යානයෙන් මෙරටට පැමිණ තිබේ.
මේ පිළිබඳ රේගු පරික්ෂණය සිදු කළ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක සිසිරද සිල්වා මහතා විසින් සැකකරුට රුපියල් විසිපන්දහසක දඩයක් නියම කළ රේගුව එම මුදල් තොගය රාජසන්තක කළේය.

මේ පිළිබඳ විමර්ශණ කටයුතු නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක සිසිර ද සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරීවරුන් වන උපුල් වසන්ත සහ අශෝක රත්නායක යන නිලධාරීහු සිදු කළහ.
 

 



අදහස් (0)

ලක්ෂ 26 ඩුබායි ගෙනයන්න බැරිවේ

වීරකෝන් Tuesday, 08 September 2015 05:18 PM

රේගු නිලධාරීන්ට අපේ ප්‍රණාමය! (නි)

:       0       0

යටවත්ත Tuesday, 08 September 2015 05:19 PM

කොච්චර කිවුවත් මිනිස්සු හැදෙන්නෙ නම් නැහැ (නි)

:       0       0

ඉසුරු Wednesday, 09 September 2015 03:02 AM

අපේ රේගු නිලධාරීන් ගොඩක් දක්ෂයි (නි)

:       0       0

දුමින්ද Wednesday, 09 September 2015 03:15 AM

සම්මකම්මනත නැති කළා (අ)

:       0       0

නලින් Wednesday, 09 September 2015 04:11 AM

මිනිස්සු නොදැනුවත් කමටත් මෙහෙම කරනවා. දෙශපාලුවන්ගේ කළු සල්ලි සුදු කරන්නත් මෙහෙම කරනවා. මේ ගැන පරීක්ෂණ කරන්න. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 315 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 204 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site