IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ලක්ෂ 10ට පී.සී අමාරුවේ

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

යාපනයේ පදිංචි පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගත් බව කියන යාපනය කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශයේ රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයෙක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

ඉඩමක් සඳහා ව්‍යාජ ඔප්පුවක් සකස් කළේ යැයි කියන සිද්ධියක සැකකාර පුද්ගලයකුගෙන් නඩු විභාගයේදී ඔහුට වාසි වන ආකාරයට උදව් කිරීමට බව පවසා මෙම අල්ලස් මුදල ඉල්ලා ඇතැයි කොමිසමේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

මෙම නඩුවේ සැකකාර පුද්ගලයා කළ පැමිණිල්ලක් අනුව කොමිසමේ විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක්යාපනය සන්තානසති පොල අසලදීවැටලීමක් සිදුකර පැමිණිලිකරුගෙන් අදාළ මුදල ලබාගත් බව කියන අවස්ථාවේ කොස්තාපල්වරයා සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි ද කොමිසමේ උසස් නිලධාරියා වැඩිදුරටත් කීය.

මෙම සිද්ධියේ පැමිණිලිකරු යාපනය මනිපායි ප්‍රදේශයේ පදිංචි අයෙකි.

අත්අඩංගුවට ගත් සැකකාර කොස්තාපල්වරයා සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වා ඔහු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ විමර්ශන නිලධාරීහු කටයුතු කරගෙන යති.

 



අදහස් (0)

ලක්ෂ 10ට පී.සී අමාරුවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site