IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ලක්ෂ පහලොවක රන් පස්සෙන් එළියට

 රුපියල්  පහලොස් ලක්ෂ විසි දහසක් වටිනා රන් ආභරණ තම ගුද මාර්ගයේ සගවාගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර  බලා යාමට  පැමිණි ශ්‍රී ලාංකිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී  පෙර දින සවස  අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.

සැකකරු 48 වියැති පුද්ගලයෙකු වන බවත් ඔහු  මාල තුනක් සහ නමන ලද වළලූ 04 ක් කාබන් කොළ වල ඔතා ගුද මාර්ගයේ සගවාගෙන යාමට උත්සහ කර තිබු බවත් රේගුව කියයි.

අත් අඩංගුවට ගනු ලැබු රන් අභරණ වල බර ග්‍රෑම් 304 කි.
 

ඔහු එයාර් ඉන්ඩියා ගුවන් සේවයට අයත් ගුවන් යානයකින්  ඉන්දියාවේ චෙන්නායි බලා යාමට ඊයේ සවස කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.
 

මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන් තොටුපොළ රේගු අධ්‍යක්ෂක දීපාල් සිරිබද්ධන මහතාගේ උපදෙස් පිට නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක දර්ශන විෙජ්සිරිවර්ධන මහතාගේ මෙෙහෙයවීමෙන්  රේගු අධිකාරීවරුන් වන  ඊ.එම්.ඕ.කේ දි සේරම්, ආර්.සී යුවේරා, සහකාර රේගු අධිකාරීවරුන් වන  සී.පී කොට්ටච්චි, සුසන්ත අබේවර්ධන, අසංග ගුණසේන, ජනිත විමලදාස, රවිදු විජයවර්ධන සහ බුද්ධි  ද සිල්වා යන නිළධාරීහු සිදිුකරති.

 

 



අදහස් (0)

ලක්ෂ පහලොවක රන් පස්සෙන් එළියට

දයා Tuesday, 20 May 2014 02:09 PM

මෙච්චර ප්‍රමාණක් ගුද මර්ගයේ හංගගෙන ගියේ කොහොමද කියලා මට නම් පුදුමයි. (ස)

:       0       0

ලංකාතිලක Tuesday, 20 May 2014 08:35 AM

මේ රත්තරන් වල මිළ අඩු කර විකුණන්න බැරිද? (නි)

:       0       0

සම්පත් Tuesday, 20 May 2014 09:37 AM

කව්රු හරි දන්නවද රත්තරන් ඩික්ලෙයාර් කරලා රටින් එලියට ගෙනියන්න දඩ හරි බදුහරි ඕනද කියල. සාමාන්‍යයෙන් රට ඇතුලට ගේන කොට නේද දඩ ගහන්නේ. මොකක්ද නිත්‍යානුකුල විදියරත්තරන් රටින් ගෙනියන්න තියෙන විදිය (දී)

:       0       0

කාංචන Tuesday, 20 May 2014 09:38 AM

ඔය වළල්ල ගුද මාර්ගයේ හංගපු හැටි දැනගන්න බැරිද? (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 481 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site