IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ලක්ෂ තුනක පාවහන් අතුරුදන්: සොරා සොයා විමර්ශන

( බී.ජී. චතුරංග )

අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටි පන්සලක කුලී කාමරයක් තුළ ගබඩා කර තිබූ ලක්ෂ තුනකට ආසන්න පාවහන් තොගයක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව අනුරාධපුර මූලස්ථාන පොලීසිය පවසයි.

කුරුණෑගල, මී ගොල්ල,  හිඳගොල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු, කුරුණෑගල  පදිංචි තම හිතවතෙකු සමඟ පාවහන්  නිෂ්පාදනය සිදු කරන බවත් ඒවා විකිණීම සඳහා අනුරාධපුර ප්‍රදේශයේ පුද්ගලයකුට භාර දී තිබී ඇතැයි  පොලීසිය කියයි.

පාවහන් හිමිකරු අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටි එම පන්සලේ කාමරයක් කුලියට ගෙන  පාවහන් තොග එහි ගබඩා කර තිබියදී මෙලෙස  සොරකම් කර ඇති අතර එහි වටිනාකම  රුපියල්  282500ක් බව  පැමිණිල්ලේ සඳහන් ඇතැයි පොලිසිය කියයි.

එහි හිමිකරු විසින් එම කාමරයේ යතුර පාවහන් අලෙවි කරන පුද්ගලයාට ලබාදී කුරුණෑගල ප්‍රදේශයට  ගොස් සිටියදී පසුගිය 8 දා රාත්‍රී  මෙම සොරකම සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

කාමරයේ දොර වසා, ඉබි යතුරු  දමා එහි යතුර උළුවස්ස උඩ තබා ගොස්, පසුදා යළි පැමිණ කාමරයේ දොර විවෘත කර තිබෙන ආකාරය  දැක සොයා බැලීමේදී, මෙම සොරකම පිළිබඳව අනාවරණය වූ බව එම සේවකයා සිදුකළ සිදු කළ පැමිණිල්ලේ   සඳහන්ව ඇතැයි පොලිසිය කියයි.

මෙම සිද්ධියට සම්බන්ධ සැකකරු හෝ පිරිසක් අත්අඩංගුවට  ගැනිම සදහා අනුරාධපුර මූලස්ථාන පොලීසියේ නිලධාරීහු  පිරිසක් වැඩි දුර විමර්ශන සිදු කරති.



අදහස් (0)

ලක්ෂ තුනක පාවහන් අතුරුදන්: සොරා සොයා විමර්ශන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site