නාගරික සංවර්ධන අධිකාරියෙන් ව්‍යාපාරිකයකුට හිමිවිය යුතු රුපියල් කෝටි 11ක වන්දියක කොටසක් ලබා ගැනීමේ කටයුතු කරදීම සඳහා රුපියල් ලක්ෂ අනූවක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන හිටපු ප්‍රාදේශීය දේශපාලඥයකු හා ඔහුගේ මිතුරෙකු අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන ඇත.
පිළියන්දල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු විසින් කරන ලද පැමිණිල්ලක් අනුව අල්ලස් කොමිසම මේ විශේෂ විමර්ශන කණ්ඩායම් දෙකක් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව කොමිසමේ ප්‍රකාශකයෙක් පැවසීය.
පැමිණිලිකරුගේ ඉඩමක් නාගරික සංවර්ධන අධිකාරිය මගින් අත්පත් කර ගැනීමෙන් පසුව පැමිණිලිකරුට රුපියල් කෝටි 11ක වන්දියක් නාගරික සංවර්ධන අධිකාරියෙන් ලබාදීමට නියමිතව තිබී ඇති අතර එම වන්දියෙන් කොටසක් වන රුපියල් කෝටි තුනක මුදලට හිමි චෙක්පත පැමිණිලිකරුට ලබාදීම සඳහා කටයුතු සම්පාදනය කිරීමට සැකකාර හිටපු ප්‍රාදේශීය දේශපාලනඥයා ලක්ෂ අණුවක මුදලක් ඉල්ලා ඇති අතර එම අල්ලස් ලබා ගැනීමේදී සැකකරු අත්අඩංගුවට ගත් බව කොමිසම සඳහන් කළේය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ලක්ෂ අනූවක් අල්ලසක් ගත් හිටපු ප්‍රා.දේශපාලනඥයා මාට්ටු
සුදු ඇඳගෙන කලු ඇවිදින් Saturday, 28 December 2024 12:04 PM
ඇයි නිවාස අධිකාරියෙන් මේ ගෙවීම පරක්කු කරන්නේ. අන්න එතැනයි ප්‍රශ්නය තියෙන්නේ...
siripala Saturday, 28 December 2024 09:49 PM
මෙවැනි දූෂිත ගනුදෙනුවක් කරගන්න "ගානක් ගන්න" (ගෙවීම් පරක්කු කිරීම) ඔවුන් දැනුවත්ව කටයුතු සිද්ද වෙනවාද කියලා ඕනෑම කෙනෙකුට සැක කරන්න පුළුවන්...