IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


ලංකාවේ හිරුණි ෆින්ලන්තයේ දී මරාදමලා

(විමුක්ති එස් රුද්‍රිගු)

ෆින්ලන්තයේ වැන්ටා නගරයේ ටිකුරිල්ලා ප්‍රදේශයේ මහල් නිවාසයකදී ලාංකික කාන්තාවක ඝාතනයට ලක්ව ඇතැයි ඩේලි ෆින්ලන්ඩ් පුවත්පත වාර්තා කළේය.

එම මහල් නිවාසයේදී මියගොස් ඇත්තේ හිරුණිගේ නදර්න් ලයිෆ් නම් යූ ටියුබ් නාලිකාව පවත්වාගෙන හිරුණි නම් ලාංකික කාන්තාවක බවත් ඇය තිදරු මවක බවත් සමාජ මාධ්‍ය තුළ සංසරණය විය.

මරණය පිළිබඳ එම මහල් නිවාසයේම ජීවත්වූ තවත් පුද්ගලයකු අත් අඩංගුවට ගෙන ඇති බවත් දෙදෙනා අතර නිරන්තරයෙන් සිදුවන ප්‍රචණ්ඩකාරී බහින් බස් වීමක් උත්සන්නවී සැකකරු මෙම ඝාතනය සිදුකරන්නට ඇතැයි විශ්වාස කරන බවත් ඩේලි ෆින්ලන්ඩ් පුවත්පත පැවැසුවේය. පසුගිය 19 වැනිදා රාත්‍රි 8 ට පමණ මෙම ඝාතනය සිදුවී ඇති බව ද ඩේලි ෆින්ලන්ඩ් පුවත්පත ප්‍රකාශ කළේය.

පොලිසිය ලැබූ තොරතුරක් මත අපරාධය සිදුවූ ස්ථානයට පොලිසිය සහ ප්‍රථමාධාරකරුවන් ගොස් ඇති බවත් ප්‍රථමාධාර ලබා දුන්නත් වින්දිතයා බේරා ගැනීමට අපොහොසත් වී ඇති බවත් ඩේලි ෆින්ලන්ඩ් පුවත්පත සඳහන් කළේය. එසේම වැන්ටා පොලිසිය ඝාතනයක් ලෙස සළකා මෙම මරණය පිළිබඳ විමර්ශන කටයුතු සිදුකරන බවත් තවමත් මූලික විමර්ශන සිදුවන බැවින් ඝාතනයට ලක්වූ කාන්තාවගේ සහ අත් අඩංගුවට ගත් පුද්ගලයාගේ අනන්‍යතාවයන් වැන්ටා පොලිසිය හෙළි නොකළ බව ඩේලි ෆින්ලන්ඩ් පුවත්පත පෙන්වා දුන්නේය.

මරණය සැකපිට අත් අඩංගුවට ගෙන ඇත්තේ එම ශ්‍රී ලාංකික කාන්තාවගේ සැමියා බවද සමාජ මධ්‍යයේ සටහන් විය.

 



අදහස් (3)

ලංකාවේ හිරුණි ෆින්ලන්තයේ දී මරාදමලා

ජයනාත් Friday, 28 June 2024 07:06 AM

අපේ මාධ්‍යවේදීන්ට ඉගෙන ගන්න යමක් තියෙනව . සම්පූර්ණ තොරතුරු සොයා ගන්නා තෙක් මිය ගියේ කවුද , සැකකරු කවුද කියල හෙළිදරව් නොකිරීම .ලංකාවේ නම් අල ගිය මුල ගිය තැන් සේරම මැරෙන්න කලින් ම කියල ඉවරයි නේද ... එහිදී මුල් තැන පරීක්ෂණ වලට . අපේ මුල් තැන ප්‍රසිද්ධ කිරීමට .

:       3       54

de silva berlin Friday, 28 June 2024 10:10 AM

අපේ මාධ්‍ය මුලින්ම ප්‍රසිද්ධ කරන්නේ විමර්ශන කරන පොලිස් නිලධාරීන්ගේ නම් ගම තනතුර වැනි විස්තර , ඊට පස්සේ සිදියට අධාල පුද්ගලයා සාමාන්‍ය මනුෂ්‍යයෙක් නම් ඔහු පිලිබඳ විස්තර , එම පුද්ගලයා බලවත් කෙනෙක් නම් නම්ගම් හෙළිකිරීමෙන් වලකිනවා

:       1       42

පිටිගල මිලානෝ Friday, 28 June 2024 11:05 AM

ලෝකයේ සතුටු දර්ශකයේ ඉහලින්ම සිටින රටට ලංකාවේ කෙනෙක් ගොස් නරකම අත්දැකීමක් වින්දා. ලංකාවේ අනිත් ගෑණු වගේ මෙයාගෙත් කංකරච්චලය වැඩිවුනාද මංදා…..

:       1       18

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 155 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2051 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1579 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site