IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


ලංකාවේ සිනමාවට කැමති නැති ශෙනායා

20160629Shani-5නිරූපණ ක්ෂේත්‍රයට නවකයෙක් නොව ඇය ශානි ශෙනායා වික්‍රමසිංහ වෙයි. බොහෝ කාලයක් නිරූපණයෙන් ඈත්ව සිටි ඇය නැවතත් නිරූපණය සඳහා දායක වී තිබේ. ඒ පිළිබඳව අපත් සමග මෙසේ පැවසුවාය.

 

20160629Shani-7ඔබ ගැන හැඳින්වීමක් කළොත්?

මගේ නම ශානි ශෙනායා වික්‍රමසිංහ. විනෝදාංශයක් වශයෙන් නිරූපණයේ යෙදෙනවා.

 

නිරූපණ ගැන කතාකළොත්?

මම වැඩි වශයෙන් මනාලියන් දැක්මන් සඳහා දායක වෙනවා. ඊට අමතරව ෆොටෝ ෂූට් සහ ෆැෂන් ෂෝ සඳහා  කතාකළොත් දායක වෙනවා.

 

ඊට අමතරව?

නිරූපණයට අමතරව මම රංගනයෙන් වෙළෙඳ දැන්වීම සඳහා දායක වෙලා තියෙනවා. මියුසික් වීඩියෝ තුනක් හෝ හතරක් සඳහා දායක වෙලා තියෙනවා.

 

නිරූපණයට එකතු වුණේ කොයි කාලයේද?

දැනට අවුරුදු 4ක් විතර වෙනවා.

 

ඒ සඳහා අවස්ථාව ලැබුණේ කොහොමද?

මුලින්ම සැලොන් දෙක තුනකින් බ්‍රයිඩල් සඳහා කතා කළා. ඊට පස්සේ ඒ හරහා එක එක නිෂ්පාදනවල ප්‍රමෝෂන් සඳහා දායක වුණා. ඒවලින් පස්සේ තමයි වෙළෙඳ දැන්වීම් සඳහා දායක වෙන්න අවස්ථාව ලැබුණේ.

 

ළඟකදී එහෙම වෙළෙඳ දැන්වීම සඳහා දායක වුණාද?

මෑතකදී එහෙම වෙළෙඳ දැන්වීම සඳහා දායක වුණේ නැහැ. මොකද මම අම්මත් එක්ක රට ගිහින් හිටිය නිසා.

 

රංගනය පැත්තට යොමුවෙන්න අදහසක් තියෙනවාද?

මම හිරු එකේ 'අදිසි' නම් කළා. මීට ගොඩක් කාලයකට ඉස්සෙල්ලා නාට්‍යයක පොඩි චරිතයක් සඳහා දායක වෙලා තියෙනවා. ලංකාවේ හිටියේ නැති නිසා මේ දේවල්වලින් ඈත්වුණා. ආයේ ඒ සඳහා දායක වෙන්න තමයි හිතන් ඉන්නේ.

 

චිත්‍රපට සඳහා දායක වෙන්න ආරාධනා එහෙම අදහසක් නැද්ද?

මම චිත්‍රපටවලට කැමති නැහැ.

 

හේතුවක් තියෙනවාද?

මම ලංකාවේ චිත්‍රපටිවලට වැඩිය ආස නැහැ.

 

ටෙලිනාට්‍යවලට?

ටෙලිනාට්‍යවලට නම් මම කැමතියි.

 

නිරූපණය ක්ෂේත්‍රයේ ඉන්නවට දෙමාපියන්ගෙන් අකමැත්තක් නැද්ද?

මේ ක්ෂේත්‍රයේ වැඩ කරනවට අම්ම නම් කැමති නැහැ. මගේ කැමැත්තට අම්මව කැමති කරගත්තා මිසක්. නැත්නම් ගෙදරින් එහෙම වැඩිය සහයෝගයක් නැහැ. මල්ලි නම් කැමතියි.

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක

20160629Shani-1 20160629Shani-2 20160629Shani-3 20160629Shani-4 20160629Shani-6



අදහස් (0)

ලංකාවේ සිනමාවට කැමති නැති ශෙනායා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 566 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 120 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 327 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site