IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ලංකාවේ රූ රැජින තෝරන්නට පිලිපීනයෙන් ආ මිහිකත රූ රැජින

big SAN_0588

 

 

 

ජෙමී ඩෙල් රොසයිරෝ හෙරල් වන මේ සුරූපිණිය 2014 ලෝක මිහිකත රූ රැජිණ කිරුලේ හිමිකාරිය වන්නීය. ඇය පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණියේ දෙරණ ගෝයා මිස් ශ්‍රී ලංකා රූ රැජිණ තේරීමේ අවසන් තරඟයට සහභාගීවීම සඳහාය. එසේ පැමිණි ඇය සමාජ සත්කාරක වැඩසටහන් මෙන්ම පරිසර හිතකාමී වැඩසටහන් ගණනාවකට සහභාගී වූවාය. මිහිකත රූ රැජිණ කිරුළ දැරීමෙන් පසුව ඇයගේ ප‍්‍රධාන වගකීම වී තිබෙන්නේ ලෝකයේ සොබාදහම රැකගැනීමේ පරිසරය රැකගැනීමේ වැඩසටහන්වලට දායක වෙමින් මිහිකත රැකගැනීම උදෙසා ක‍්‍රියාත්මක වීමය.

 


ජෙමී ඩෙල් රොසයිරෝ හෙරල් වුවද ඇය වඩා ජනප‍්‍රියව සිටින්නේ ජෙමී හෙරල් නමිනි. 1994 ජූලි 12 වැනිදා ඇය උපත ලැබුවේ ඇමරිකාවේ කැලිෆෝර්නියාහි ග්ලෙන්ඩෝරාහිදීය. එසේ වුවද ඇය පිලිපීන ජාතික තරුණියක වන්නීය. ඇගේ පරපුරේ නිජබිම වන්නේ පිලිපීනයේ සීබූ පළාතය. 2014 මිහිකත රූ රැජිණ වීමට පෙර පිලිපීනයේදී ඇය රූ රැජිණ ජයග‍්‍රහණ ත‍්‍රිත්වයක් පමණ එරටදී ලැබුවාය. 2014 මිහිකත රූ රැජිණවීම නිසා තම රටට මෙන්ම ලෝකයටම ගෞරවයක් ඇතිවන පරිදි කටයුතු කරන බව ඇය පවසයි. ඇයගේ පියා ජීවතුන් අතර නැත. මව, වැඩිමල් සහෝදරිය සහ සහෝදරයකු සමඟ ඇය ජීවත්වෙයි.


වයස අවුරුදු 21 ක් වන ඇය තවමත් උසස් අධ්‍යාපනය හදාරන අතරේ ඇමරිකානු සහ පිලිපීන රංගන ශිල්පිනියක මෙන්ම පිලිපීන රූපවාහිනී චරිතගත ලෙසද කටයුතු කරන්නීය. ඊට අමතරව නර්තන ශිල්පිනියක ලෙසද ඇය එරට ජනප‍්‍රියව සිටින්නීය. ශ්‍රී ලංකාවට පැමිණීමට අවකාශය ලබාදුන් දෙරණට ස්තූතිවන්ත වන ජෙමී ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ ප‍්‍රවර්ධනය උදෙසා කටයුතු කිරීමට එය මහඟු අවස්ථාවක් කරගන්නා බවද ප‍්‍රකාශ කළාය.SAN_0601

g

  SAN_0800

SAN_0676SAN_0665

 

මෙවර දෙරණ ගෝයා රූ රැජිණ ලෙස කිරුළ පැළැඳියේ මීගමුවේ විස්නා ප‍්‍රනාන්දුය. මීගමුව නිව්ස්ටඞ් බාලිකාවේ ආදි සිසුවියක වන විස්නා ශ්‍රී ලංකා නාවික හමුදා දැල්පන්දු කණ්ඩායමේ සහ ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු කණ්ඩායමේ සිටි සාමාජිකාවකද වන්නීය.


වයස අවුරුදු 23 කි. මේ වන විට කැලණි සරසවියේ බාහිර අංශයේ උපාධියක් සඳහා අධ්‍යාපන කටයුතු අරඹා ඇති බව ඇය පවසයි. ඒ සියල්ල අතරේ අද ඇය වඩා ප‍්‍රකටව සිටින්නේ නිරුපණ ශිල්පිණියක ලෙසය. ඊට අමතරව වෙළඳ දැන්වීම් නිරූපිකාවක ලෙසද කටයුතු කරන්නීය. අද ශ්‍රී ලංකාවේ නිරූපණ ක්ෂේත‍්‍රයට නැතුවම බැරි චරිතයක්ව සිටින විස්නා මෙම දෙරණ ගෝයා රූ රැජිණ තරගයට සහභාගී වූ හැටි පැවසුවේ මෙලෙසිනි.


”ඇත්තටම මගේ හිතේ සිහිනයක් තිබුණා. රූ රැජිණ තරගයකට සහභාගී වීමට. නිරූපණ ශිල්පිණියක වීම ඊට වඩාත් පහසුවක් වුණා. ඇත්තටම මේ ජයග‍්‍රහණය මට විශාල වටිනාකමක් ගෙන දුන්නා. දැන් මගේ අරමුණ මේ සමඟ මිහිකත රූ රැජිණ තරගය සඳහා (2015) ලැබුණු අවස්ථාවෙන් ශ්‍රී ලංකාවට ජයග‍්‍රහණයක් ගෙන දීමටයි.


button පවුලේ විස්තර සඳහන් කළොත්?
අම්මා, තාත්තා, අක්කා සහ නැගණිය.

 


button මේ ජයග‍්‍රහණයෙන් පසුව තවත් ලැබුණු අවස්ථා මොනවද?
මීට පෙර සිටම රඟපෑමට අවස්ථා ලැබුණා. නමුත් තවම මම ඒ ගැන හිතුවෙ නැහැ. මුලින්ම මම මගේ රටට ලෝකයට පරිසරය රැකගැනීම සහ ඒ වෙනුවෙන් වූ යමක් කළ යුතුයි. මෙම කිරුළ අරුත්බර වෙන්නේ එවිටයි.

 


button ”විස්නා” ඔබ කවුද? මොකක්ද ඒ නාමයෙහි තේරුම?
විශ්වයට නායිකාවක් කීම තමයි එහි තේරුම. මම මා වෙනුවෙන් ජීවත් නොවී, සමාජයට උදව් කරමින් යාළුවන්ට හොඳම යාළුවෙක් වෙමින් නිතරම හිනාවෙලා සිටින කෙනෙක්.

Location:- Hayleys Cafe Pixel

sadun-gamage



අදහස් (0)

ලංකාවේ රූ රැජින තෝරන්නට පිලිපීනයෙන් ආ මිහිකත රූ රැජින

හේවාවිතාරණ Thursday, 25 June 2015 02:47 AM

ඔක්කොමටම කලින් පිලිපීනයේ පරිසරය පිරිසිදු කරලා ආවොත් හොඳයි නේද? දහස් ගණන් තරුණියෝ නිදාගන්නේ මහපාරේ අගුපිල් වල ප්‍රසිද්ධ උයන් වල (නි)

:       0       0

මලික් Sunday, 21 June 2015 08:24 AM

ඇත්ත බොහොම සිරියාවන්ත විදේශික කාන්තාවක්. පන්සලකටත් සංචාරයකට ගිහින් හරිම පිළිවෙලකට සුදු ඇඳුමෙන් සැරසිලා. ගෞවරවයෙන් වැඳගෙන ඉන්න ඡායාරූප අපි දැක්කා. (නදී)

:       0       0

අරවින්ද Tuesday, 23 June 2015 05:57 AM

විස්නටනම් විසේ වගේ පෙන්නේ .... (ස)

:       0       0

සුපුන් Wednesday, 17 June 2015 12:44 PM

දෙන්නගෙම ඇති වැඩක් නැහැ මට නම්.අපේ එක්කෙනා තව හොඳයි.පිලිපීන්,තායි ,ජපන්,කොරියන් මුහුණු ඔක්කොම එකයි.කිසිම ලස්සනක් නැහැ මට නම් (නි)

:       0       0

උදාරි Friday, 19 June 2015 03:56 AM

උඩ කෙනාගෙ හිනාව හරිම සිරියාවයි. දත් ටික මුතු කැට වගේ (නදී)

:       0       0

නිමාලි Friday, 19 June 2015 03:57 AM

සුපුන්ට වැඩක් නැති උනාට ‍කාටවත් පාඩු නැහැ. ඉරිසියාවෙන් කමෙන්ට් දාන්න එපා. පැලිලා මැරෙයි. (නදී)

:       0       0

රමේෂ් Monday, 22 June 2015 12:20 AM

රූප රැජිනියෝ උනාට මහා ලොකු ලස්සනක් නෑ. පිලිපින් කෙනාගේ තාත්ත හරි අම්ම හරි විදේශික කෙනෙක්. කව්රුත් ඉරිසියාවට මොකුත් කියල නෑ. තමන්ට හිතෙන දේ තමයි හැමෝම කියල තියෙන්නේ. (නදී)

:       0       0

ලසිත Wednesday, 24 June 2015 12:14 PM

අනේ මන්දා අපේ අය මේ වගේ ලස්සන ගැහැණියක් දිහා බලලා ලස්සන රසවිඳින්න දන්නේ නැහැනේ.අගය කරන්න දන්නෙත් නැහැ.ඊර්ෂ්‍යාවෙන්,කුහකකමින් පිරුණු හිත්, අදහස් දැක්කහම පේනවා හොඳටම. (නි)

:       0       0

සංජීව Friday, 19 June 2015 04:54 AM

නිමාලි කිව්වා හරි. සුපුන් ඊර්ෂ්‍යාවේ පැලෙනවා. මට නම් මිස් අර්ත්ගේ කිසි වැරැද්දක් පෙනෙන්නේ නැහැ. හොඳ සිරියාවයි.අව්‍යාජ හිනාවක් (නි)

:       0       0

රවී Wednesday, 17 June 2015 12:20 AM

බලන්න මේ විදේශික කාන්තාවගේ පින්තූර. කොටට ඇන්දත් විහිළුවක් නොවන විදියට තමන්ගේ මුහුණේ ඉරියව් බොහොම ප්‍රසන්නව ඡායාරූපයට ඉදිරිපත් කරලා. අනෙක් කාන්තාවත් නිරූපිකාවක් නිසා වරදක් නැහැ. ඒකට අර ළඟදි අපේ ටෙලි නිළියක් ඉදිරිපත්කළ ඡායාරූපයේ මුහුණේ ඉරියව්ව! මතක් වෙනකොටත් හිනායනවා. (නි)

:       0       0

කෝලිත Friday, 19 June 2015 07:44 AM

මොකටද අනේ රටේ සල්ලි නාස්ති කරගෙන මේ වගේ විකාර ගෑනු ලංකාවට ගෙන්නන්නේ ..පිස්සු විකාර වෙන වැඩ නෑ වගේනේ .අපි අස පරණ අයගේ විස්තර දැනගන්න. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 448 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1036 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site