IMG-LOGO

ලංකාවේ මෝසමක් නිව්යෝර්ක් අධිකරණයකින් ඉවතට

 

(විමුක්ති එස් රුද්‍රිගු)

ණය ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් හැමිල්ටන් රිසර්ව් බැංකුව ශ්‍රී ලංකාවට එරෙහිව පවරා ඇති නඩුව ඉවත දමන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකාව ගොනු කළ මෝසම නිව්යෝර්ක් දිස්ත්‍රික් අධිකරණය ප්‍රතික්ෂේප කර ඇත.

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවලින් ඩොලර් මිලියන 250 කට වඩා වැඩි මුදලක් හිමි ‘හැමිල්ටන් රිසර්ව්’ බැංකුවට යැයි පැවැසෙයි.ඉකුත් ජූලි මස කල් පිරුණු සියයට 5.875 ක ඇමෙරිකානු ඩොලර් බිලියන 1 ක ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවලට ශ්‍රී ලංකාව මුදල් සහ පොලි නොගෙවීම හේතුවෙන් නිව් යෝර්ක් අධිකරණයේ චෝදනා ගොනු කළ ‘හැමිල්ටන් රිසර්ව්’ බැංකුව එහිදී තම බැඳුම්කර සඳහා පොලිය සහ මුදල එකවර ගෙවන ලෙස නියෝගයක් නිකුත් කරන මෙන් අධිකරණයෙන් ඉල්ලා සිටින ලදි.

ශ්‍රී ලංකාව ඉකුත් ජූලි මස කල් පිරුණු  ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර සඳහා හැමිල්ටන් රිසර්ව් බැංකුවට මුදල ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 250.1 ක් සහ පොලිය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 7.3 ක මුදලක් ගෙවිය යුතු වේ.

ආර්ථික අර්බුදයකින් පීඩා විඳින රාජ්‍යයකට එරෙහිව මෙසේ එක් බැංකුවක් නඩු පවරා ඇත්තේ අනෙකුත් ණය හිමියන්ට වඩා විශේෂ සැලකිල්ලක් බලාපොරොත්තුවෙන් නිසාවෙන් යැයි පවසමින් මෙම නඩුව ඉවත දමන ලෙස ශ්‍රී ලංකා රජය ඉල්ලීමක් කර තිබිණ.

නිව් යෝර්ක් දිස්ත්‍රික් අධිකරණයේ විනිසුරු ඩෙනිස් කෝට් විසින් මෝසම ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත. මෝසම ප්‍රතික්ෂේප වීම හේතුවෙන් හැමිල්ටන් රිසර්ව් බැංකුව ගොනුකර ඇති නඩුව විභාගයට ගැනීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්ලිෆර්ඩ් චාන්ස් සමාගමේ නීතිඥවරු පෙනී සිට ඇත.



අදහස් (2)

ලංකාවේ මෝසමක් නිව්යෝර්ක් අධිකරණයකින් ඉවතට

kamal Monday, 10 April 2023 01:45 PM

මොනවා..? වහාම නිදොස් කොට නිවහල් කරනු...!!!

:       2       14

kapilaMonday, 10 April 2023 02:33 PM

ඕක කරගන්න තිබුණු අපේ අධිකරණයක ඕක විභාග නම්...!

:       2       18

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 170 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 662 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1063 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site