පතල් හා මැණික්,ඉදිකිරීම්,කෘෂිකර්මාන්තය යන ක්ෂේත‍්‍ර මුල් කරගනිමින් මියන්මාරය හා සවිමත් වෙළද සබදතා ඇති කර ගැනීමට ශී‍්‍ර ලංකා රජය අපේක්ෂාවෙන් සිටී.
කර්මාන්ත හා වෙළද නියෝජිත ඇමති ලක්ෂ්මන් වසන්ත පෙරේරා ප‍්‍රමුඛ 12 දෙනෙකුගෙන් යුක්තවූ දුත පිරිසක් පසුගියදා මියන්මාරයේ කළ සංචාරය කළහ. එරට අමාත්‍යවරුන් හමුවී පැවැති සාකච්ඡා වලදී ශී‍්‍ර ලංකාව හා වෙළද සබදතා ඇතිකර ගැනීමට ඔවුන්ගේ කැමැත්ත පළවී තිබේ.
මියන්මාරයේ පතල් කැණීම සදහා ශී‍්‍ර ලංකාවටම වෙන්වූ ප‍්‍රදේශයක් ලබාදීමටද ඔවුන් කැමැත්ත පළ කර ඇතැයි සදහන්ය.මේ දක්වා මියන්මාරය විදේශයකට එරට පතල් කැණීමට අවසර ලබා දී නොමැති අතර එම අවසරය ලැබෙන පළමුවැනි රට ශී‍්‍රලංකාව වීමේ ලකුණු පෙනෙන්නට තිබේ.
මැණික් හා පතල් කර්මාන්තයේ නව ප‍්‍රවණතාවන් සම්බන්ධයෙන් වන තොරතුරු හා තාක්ෂණය දෙරට අතර හුවමාරු කර ගැනීමටද දෙපාර්ශවයේ එකගතාවය පළවී ඇත.
මියන්මාර අමාත්‍යවරුන්ගේ ඉල්ලීම පරිදි එරට ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ දියුණුව සදහා අවශ්‍ය තාක්ෂණික සහය හා උපදෙස් ලබාදීමට ශී‍්‍රලංකා දුත පිරිස එකගතාවය පළ කොට ඇත.
ජීව වායු ජනනය,කෘෂිකර්මාන්තය හා භෝග වගාවන් ආශි‍්‍රත කරුණු සම්බන්ධයෙන්ද දෙපාර්ශවය අතර අදහස් හුවමාරු වි තිබේ.
2025 දෙසැම්බර් මස 18
543
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
274
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලංකාව බුරුමයේ පතල් බහී ?
ධම්ම Wednesday, 19 March 2014 04:44 PM
මෙහෙ නිධන් හාරන අය ඔක්කොම බුරුමෙට පටවන්න පුළුවන් දැන්. (නදී)
සඳුනි Tuesday, 18 March 2014 07:12 PM
අහන්නත් සතුටුයි. (අ)