IMG-LOGO

ලංකාව තවත් ’’කප් එකක්’’ ගහයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ලෝකයේ වැඩිපුරම පිටිකිරි භාවිතා කරන රටවල් පහෙන් එකක් බවට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

දියර කිරි සමග සාපේක්ෂව ගත් කළ පිටිකිරි භාවිතා කිරීම පෝෂණය සම්බන්ධයෙන් යහපත් කාරණයක් නොවේ යැයිද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

 දියර කිරි භාවිතය ප්‍රචලිත කිරීම අභියෝගයක්ව තිබෙන බවද පශු සම්පත් කාර්යාල 337 ක් ලංකාවේ තිබෙන අතර  "සැබ්" ආයතනයේ සහය ගෙන දියර කිරි අලෙවිය ප්‍රචලිත කිරීම සඳහා නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ලංකාවට අවශ්‍ය කරන කිරි ප්‍රමාණයෙන් මෙරටින්  ලැබෙන්නේ සියයට හතළිහක් පමණක් බවද  සියයට 60ක්ම විදේශ රටවලින් ආනයනය කරන බව කී රාජ්‍ය අමාත්‍යවරයා ලංකාවේ කිරි ගොවීන් සතු දෙනුන්ගේ පෝෂණ අවශ්‍යතාවය වැඩි කිරීමටත් නියමිත වෙලාවට සිංචන කටයුතු කරන්නත් බලාපොරොත්තු වෙන බව පැවසීය.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී උපුල්  මහේන්ද්‍ර රාජපක්ෂ මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඩී .බී හේරත් මහතා මේ බව කීය.



අදහස් (3)

ලංකාව තවත් ’’කප් එකක්’’ ගහයි

ranjith Friday, 21 July 2023 12:38 PM

පාර්ලිමේන්තුවේ ඉඳන් පම්පෝරි ගහනවා .මේ කප් ගැහිල්ල මේ විෂය භාර ඇමතිවරුන්ගේ නොහැකියාව නේද දියර කිරි තිබෙනවානම් මිනිස්සු ඒවා බොයි .දියර කිරි සුලබව ගන්න තියේද ?

:       0       2

මුදිත් Friday, 21 July 2023 12:42 PM

අද කුඩා දරුවන් දෙදෙනෙකුට අවම වශයෙන් සතියකට දියර කිරි ලීටර එකේ පැකට්ටු 3ක් වත් අවශ්‍යයි. එකක සාමාන්‍ය මිල රු 500 යි. මසකට රු 6,000. එතකොට සාමාන්‍ය පුද්ගලකුට කරන්න පුළුවන් රු 2000ක පිටි කිරි පැකට්ටුවක් අරන් වතුර වැඩියෙන් දාල බොන්න දෙන එක තමයි. ඕක නොතේරෙන ඇමතිවරු නඩත්තු කරන්න අපිට සිද්ධවෙලා තියෙන්නේ අපේම කරුමෙට

:       0       2

පිටිගල මිලානෝ Friday, 21 July 2023 04:08 PM

අර හැටනම ලක්ෂයම බොන්නේ පිටිකිරි…

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 138 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 419 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site