IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ලංකාවේ කැරැට්ටුව ගැන දිගටම සෙවිල්ලෙන්

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් සහ යුද අපරාධ සම්බන්ධයෙන් සොයා බැලීමට එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා පත් කළ විද්වත් කමිටු වාර්තාව සැප්තැම්බර් මාසයේ දී ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමෙන් පසු වගවීම හා ප‍්‍රතිසන්ධානය සම්බන්ධයෙන් විශ්වාසදායී යාන්ත‍්‍රණයක් ඇති කිරීම සඳහා ලක් රජය සමඟ දිගටම කටයුතු කිරීමට මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් සෙයිද්  අල් හුසේන් තීරණය කර ඇතැයි ජිනීවා තානාපති ආරංචි මාර්ග වාර්තා පවසයි.

යුද්ධයේ අවසන් අදියරේදී සිදුවූ බව කියන මානව හිමිකම් කඩවීම් සහ යුද අපරාධ පිළිබදව හිටපු ආරක්ෂක ලේකම්, හිටපු යුද හමුදාපති ඇතුළු රජයේ බලධාරීන් කිහිපදෙනෙකුට එම විද්වත් කමිටු වාර්තාවෙන් චෝදනා නැගුණ ද එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තියට අනුව  වසර 30 ගතවන තුරු ඔවුන්ට එරෙහිව කිසිදු ක‍්‍රියාමාර්ගයක් නොගැනෙන බැවින් මෙලෙස ශ්‍රී ලංකා රජය සමඟ ඒකාබද්ධව කටයුතු කිරීමට මානව හිමිකම් මහකොමසාරිස් වරයා තීන්දු කර ඇතැයි පැවසේ.

 



අදහස් (0)

ලංකාවේ කැරැට්ටුව ගැන දිගටම සෙවිල්ලෙන්

සෑම් Sunday, 05 July 2015 08:08 AM

හැබැයි මෛත්‍රී වෙනස් වෙයිද දන්නේ නැහැ. (ම)

:       0       0

නාමල් Sunday, 05 July 2015 09:24 AM

අනිවාර්යෙන්ම සොයා බැලිය යුතුයි..(හේ)

:       0       0

සුදත් Sunday, 05 July 2015 09:25 AM

ඇමරිකාව, යුරෝපය වැනි ප්‍රජාතාන්ත්‍රවාදී රටවල් අපි වැනි රටවල මානව හිමිකම් රකින්න දක්වන උනන්දුව අගය කරනවා... (හේ)

:       0       0

චන්ද්‍රිකා Sunday, 05 July 2015 10:28 AM

මේ අය අන් රටවල කරන මිනී මැරීම් ගැන හොයන්නේ මොකාද?(හේ)

:       0       0

තිලක් Sunday, 05 July 2015 10:33 AM

ඇමෙරිකාවේ කඩවන මානව හිමිකම් ගැන බලන්නේ කවුද ??? අපිද ?(හේ)

:       0       0

සමන් Monday, 06 July 2015 07:31 AM

නිව්යෝක් චාමර කියන විධියට ඇමරිකාවේ මානවහිමිකම් රැකෙනවා ඇති. හැබැයි ඔවුන් තමුන්ගේ දේශපාලන අවශ්‍යතා මත ලෝකේ අනිත් හැමෝගෙම මානව හිමිකම් වනසනවා තිරයෙන් පිටුපස ඉඳගෙන. (ර)

:       0       0

චාමර නිව්යෝක් Sunday, 05 July 2015 11:04 AM

ඇමරිකාව ඇතුලේ නම් කාගේවත් මානව හිමිකම් කඩවෙන්නෙ නෑ තිලක්... ඔයා වැස්සකටවත් ඇමරිකාවට ගිහිල්ල තියෙනවද? (නදී)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Sunday, 05 July 2015 09:55 PM

නාමල්,කොකා හරි ඉහළින් පියාඹනවා. සුදත්ට ඇමරිකාවේ පුරවැසිභාවයක් දුන්නා නම් හරි. (නි)

:       0       0

ප්‍රකාශ් Sunday, 05 July 2015 11:31 AM

සමහර අය හිතන්නේ ඇමෙරිකාව යුරෝපය අපේ රටට උදව් කරයි කියලා. (නි)

:       0       0

රෙජි-සිඩ්නි Monday, 06 July 2015 01:22 AM

ලෝකයේ රටවල් වලින් ලංකාවේ විතරද මානව හිමිකම් කඩකළේ? අනේ ඇත්තටම මේ මිනිසුන්ට වෙන කරන්න දේවල් නැද්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 115 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site