IMG-LOGO

ලෝකවාසීහු 2024 පිළිගනිති

මල් වෙඩි සංදර්ශන, ගිණිකෙළි සංදර්ශන මැද, ලෝකවාසීන් 2024 නව වසර පිළිගත්තේය. සුපුරුදු පරිදි, මුලින්ම, නව වසර සැමරූ ප්‍රධාන රාජ්‍යයක් වන්නේ නවසීලන්තයයි.

නවසීලන්ත වැසියෝ, ඕක්ලන්ඩ් නුවර පැවැත් වූ අලංකාර මල්වෙඩි සහ ගිනිකෙළි සංදර්ශන සමඟ 2024 නව වසර පිළිගත්හ. පැවැත්වුණු මල් වෙඩි සංදර්ශනය, රාත්‍රී අහස ආලෝකමත් කළ අතර ලේසර් ආලෝකය සහ සජීවිකරණ සංදර්ශනයක් ද ඊට ඇතුළත් විය.

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර, සුප්‍රසිද්ධ ඔපෙරා රගහල අභියස මල් වෙඩි සංදර්ශක පැවැත්විණි. ඔපෙරා රගහලේ 50 වැනි සංවත්සරය මෙම 2024 වසරට යෙදී ඇති බැවින්, ඒ, නිමිත්තෙන් රිදී සහ රන් ගිනිකෙළි සංදර්ශනයක් සමඟින් නව වසර සැමරීම සිදුවිය.

මෙට්‍රෝ මැනිලා, බැංකොක්, සෝල්, සිංගප්පූරුව, බෙයිජීං, නවදිල්ලි, මොස්කව්, ඉස්තාන්බුල් සහ ලෝකයේසෙසු ප්‍රධාන නගරවල වැසියෝ 2024 නව වසර පිළිගත්තේ මහත් උනන්දුවකිනි.

අවසන් වරට නව වසර පිළිගැනීමට සූදානමින් සිටින්නේ ඇමෙරිකා එක්සත් ජනපද වැසියන්ය.

(බීබීසී)



අදහස් (0)

ලෝකවාසීහු 2024 පිළිගනිති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 224 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 113 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1722 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site