ශ්‍රී ලංකාවට ජී.එස්.පී.ප්ලස් තීරුබදු සහනය නැවත ලබාදීම සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදු කිරීමට යුරෝපා සංගමය තීරණය කර තිබේ.
යහපාලනය තිරසාර සංවර්ධනය උදෙසා ශ්‍රී ලංකාව කටයුතු කරමින් සිටින බැවින් ජී එස් පී ප්ලස් තීරුබදු සහනය නැවත ශ්‍රී ලංකාවට ලබාදීම සඳහා ශ්‍රී ලංකා රජයට සහාය වන ලෙස යුරෝපා සංගමය විසින් යුරෝපා කවුන්සිලයේ සිය නියෝජිතයින්ට සඳුදා නිල වශයෙන් දැනුම් දුන්නේය. ශ්‍රී ලංකාව පිළිබඳ ඇගයීම් වාර්තාවක් ද කරමින් යුරෝපා සංගමය විසින් ඉදිරිපත් කැරිණි.
නව රජය පත්වීමෙන් පසු ශ්‍රී ලංකාවේ දූෂණය පිටුදැකීමට, මානව හිමිකම් සුරැකීමට, නීතීයේ ආධිපත්‍යය තහවුරු කිරීමට සහ තිරසාර සංවර්ධනයක් උදෙසා යොමුවීමට ගෙන ඇති සුවිශේෂී පියවර යුරෝපා සංගමයේ ප්‍රශංසාවට ලක්වන බව සංගමය කියයි.
විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ සංහිඳියාව ඇති කිරීම සඳහා උතුරු නැගෙනහිර සිවිල් පරිපාලනය යළි ස්ථාපිත කිරීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටි රැඳවියන් නිදහස් කිරීම ආදීය ඔස්සේ මහජනතාව අතර විශ්වාසය ගොඩනැඟීමට කටයුතු කිරීම නව රජයේ සුවිශේෂි ක්‍රියාමාර්ග ලෙස තම සංගමය දකින බව එම නිවේදනය පවසයි.
ශ්‍රී ලංකාවේ සංවර්ධනය උදෙසා සහයෝගීතා ගිවිසුම් ඇති කර ගැනීමට ඉදිරියේදී පියවර ගන්නා බවත් , ජී.එස්.පී.ප්ලස් තීරුබදු සහනය නැවත ශ්‍රී ලංකාවට ලබාදීම සඳහා ශ්‍රී ලංකා රජයට සහාය වීමටත්, එමෙන්ම ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමඟ එක්ව කටයුතු කිරීමටත් යුරෝපා සංගමය සිය කවුන්සිලයේ සාමාජිකයින්ට දැනුම් දී තිබේ.
ජී එස් පී ප්ලස් තීරුබදු සහනය ලබාදීමේදී එම ප්‍රතිලාභය හිමි වන රටවල මානව හිමිකම් හා කම්කරු අයිතිය මෙන්ම පාරිසරික ආරක්ෂණය සහ යහපාලනයද සැලකිල්ලට ගන්නා බවද යහපාලනයෙන් තිරසාර සංවර්ධනය උදෙසා ශ්‍රී ලංකාව කටයුතු කරමින් සිටින බවද යුරෝපා සංගමය සඳහන් කරයි.
ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදන සඳහා යුරෝපයෙන් පනවා ඇති තහනමද කඩිනමින් ඉවත් කිරීමට හැකිවනු ඇති බවද එම සංගමය කියා සිටී.ඉන්දීය සාගර ටූනා කොමිසමේ රෙගුලාසි වලට අනුකූලව ශ්‍රී ලංකාව කටයුතු කරමින් සිටින බවත්, මත්ස්‍ය අපනයන වල නීතිමය රාමුවට අනුව කටයුතු කිරීම ද ශ්‍රී ලංකාව පියවර ගෙන ඇති බවත් යුරෝපා සංගමය සිය නිවේදනයෙන් කියා සිටී.
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලංකාවට ජීඑස්පී+ යළි ලැබේ?
ඉසුරන්දි Wednesday, 18 November 2015 05:22 AM
ලොකු දෙයක් (ම).