IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ලංකාවට අභියෝග රැසක් ඇති බව ඇමරිකාව කියයි

ශ්‍රී ලංකාවට සිය ඉදිරි ගමන් මගෙහි අභියෝග රැසක් ජයගැනීමට ඇති බව ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියා කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් නීශා බිස්වාල් පැවැසුවාය.

විදේශ අමාත්‍ය මංගල සමරවීර සමඟ අමෙරිකාවේ වොෂිංටන් නුවර සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඇය එසේ කීවාය.

සංහිඳියාව සහ යුක්තිය ඉටුකරලීම සම්බන්ධයෙන් වැදගත් ක්‍රියාමාර්ග රැසක් ගැනීමට ශ්‍රී ලංකාවට සිදුව තිබෙන බවත්, එම ගමන් මග අභියෝග රැසක් පැවතිය හැකි බවත් ඇය කීවාය.



අදහස් (0)

ලංකාවට අභියෝග රැසක් ඇති බව ඇමරිකාව කියයි

බමුණු ආරච්චි Sunday, 28 February 2016 02:39 PM

මොනවා කළත් රට සහ සිංහලයා පාවාදෙන්න එපා. මේක සිංහලයාගේ රට. (නි)

:       0       0

මහින්ද සෞදි Monday, 29 February 2016 05:01 AM

පරංගි රටවල් වල ඉන්න නෝනලාටත් යටත් වෙන ජාතියක්ද අපි? (අ)

:       0       0

ක්‍රිස්ටි Sunday, 28 February 2016 04:01 PM

ලොකුම අභියෝගය ජයගෙන අවසන් (නි)

:       0       0

මිනිපෙ Sunday, 28 February 2016 04:51 PM

මේ නෝනා කියන දේ අමුතු දෙයක් නොවේ. අපි ඕක දන්නවා නෝනා. අභියෝග නැති රටක් තිබෙනවා නම්, නම් කරන්න. (නි)

:       0       0

සෑම් Sunday, 28 February 2016 07:08 PM

ලංකාව ඇමෙරිකාවට ලියලා දුන්නද කියන්න (අ)

:       0       0

චමින්ද Sunday, 28 February 2016 11:42 AM

ඇමරිකාවට ලංකාව ගැන පුදුම උනදුවක්නේ තියෙන්නේ (නි)

:       0       0

නලින් යහම්පත් Sunday, 28 February 2016 11:52 AM

පලවෙනි අබියෝගය තමා කලින් පාර්ලිමේන්තුවේ සිටි සොරුන් දුෂකයන් වංචාකරුවන් ගෙන් බේරී රට පාලනය කිරීම , දෙක ජාති වාදී ආගම් වාදී රට දෙකඩ කරනා සියලුම ජාතීන්ගෙන් බේරී රට පාලනය කිරීම .තුන්වන එක රටේ මත කුඩු සහ මත් පැන් භාවිතය තුරන් කිරීම. (ර)

:       0       0

සිරා Monday, 29 February 2016 06:43 AM

අපිට අභියෝග නැත එලෙස අභියෝග නිර්මාණය කලානම් එයට වගකිවුත්තේ ඔය කියන ඇමෙරිකන් කරයන්ම තමා , ඔබලා හා යුරෝපියන් මේවට වග කියපල්ලා (අ)

:       0       0

බෙනට් Sunday, 28 February 2016 12:03 PM

ඇයි අනේ ඔය රටේ කට්ටිය ඔය ගැන විතරක් කතා කරන්නේ ? ලංකාව ගැන කතා කරන්න වෙන දෙයක් ඇත්තෙම නැද්ද ? මන්තරේ ජපකරනවා වගේ ඕන වෙලාවක කතා කරන්නෙම සන්හිදියාවයි යුක්තියයි ගැන විතරමයි . (බ)

:       0       0

ඩිල්ෂාන් Sunday, 28 February 2016 12:30 PM

ඔවු ඔය කියන අභියෝග ඔක්කොම වගේ පාර්ලිමේන්තුවේ පුටු වල වාඩිවී සිටිනවා, පාර්ලිමේන්තු රැස්වෙන දින වල. (නි)

:       0       0

ටෙනිසන් Monday, 29 February 2016 12:04 AM

අපිට පුළුවන් අපි ගැන බලාගන්න (නි)

:       0       0

රෙජි-සිඩ්නි Monday, 29 February 2016 12:50 AM

ලංකාවට හැමදාමත් තිබුනේ අභියෝගනේ. ඕකත් අහන්න දෙයක්ද. (නි)

:       0       0

කලණි විතානගේ Monday, 29 February 2016 01:11 AM

රාවණා යුගයේ සිට අපි අභියෝග වලට මුහුණදුන් රටක්. හොඳ පන්නරයකින් ඉන්නේ. අපේ ආත්මශක්තිය වෙන රටක් ඉදිරියේ හෑල්ලුවෙන්න දෙන්න අවශ්‍ය නැහැ. (නි)

:       0       0

ටේෂාන් Monday, 29 February 2016 07:35 AM

ඔය ඔක්කොටම ඉස්සෙල්ල ඇමෙරිකාව ලෝකෙම පොලිසේ කරය වගේ ඉඳන් කරන වේද ගැන හොයන්න. අපේ දේවල් අපි බලාගන්නම්. (අ)

:       0       0

නිමල් ලාලිත Monday, 29 February 2016 02:23 AM

කළණි විතානගේ, ඔබට පින්! දැන් තියෙන්නේ එකම අභියෝගයයි. උතුරට සහ නැගෙනහිරට දෙමළ බස රජකරන ප්‍රාන්ත නැත්නම් පළාත් සභා දී සිංහලයාට එම ප්‍රදේශ මුළුමනින්ම අහිමි කිරීමෙන් පසු ඉතිරි ප්‍රදේශ තනිකරම සිංහලයා වෙනුවෙන් රැකගැනීම පමණයි. (නි)

:       0       0

ලක්මාල් Monday, 29 February 2016 02:47 AM

නෝනා, ඔයාලගේ වැඩක් බලාගන්න. අපි අපේ වැඩ බලාගන්නම්. පුදුම කරුමයක්නේ මේක.. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 632 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 305 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site