(අංජුල මහික වීරරත්න)
ලංකාව ගෝලීය නව්‍යකරණ දර්ශකයේ ශක්තිමත්ව ස්ථානගත කිරීමට සියලු පාර්ශ්වයන් දායක කර ගනිමින් දැනුවත් කිරීමේ වැඩසටහනක් අරඹා තිබේ.
විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ඇති ජාතික නව්‍යකරණ නියෝජිතායතනයේ (NIA – National Innovation Agency) මෙහෙයවීම යටතේ, ගෝලීය නව්‍යකරණ දර්ශකයට (Global Innovation Index) අදාළ දත්ත අවශ්‍යතා පිළිබඳ උපදේශාත්මක රැස්වීමක්, විද්‍යා, තාක්ෂණ, අධ්‍යාපනික, සහ කාර්මික ආදී ක්ෂේත්‍ර නියෝජනය කරමින් රාජ්‍ය සහ පෞද්ගලික අංශවල ජ්‍යේෂඨ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී මෙය පැවත්විණි.
ප්‍රධාන පද්ධති 7ක් යටතේ දර්ශක 80ක් යොදා ගෙන රටවල නව්‍යකරණ කාර්ය සාධනය මනින ජාත්‍යන්තරව පිළිගත් ගෝලීය නව්‍යකරණ දර්ශකයෙහි ශ්‍රේණිගත කිරීම තුළ ශ්‍රී ලංකාවේ ස්ථානය ඉහළට ඔසවා තැබීම සඳහා සියලු පාර්ශ්වයන් දායක කර ගැනීම මෙම රැස්වීමේ අරමුණ විය.
ඒ සඳහා ගෝලීය වශයෙන් මෙරට තරගකාරිත්වය ඉහළ නැංවීම, ආයෝජන ආකර්ෂණය කර ගැනීම මෙන්ම, දැනුම, තාක්ෂණය සහ ව්‍යවසායකත්වය සඳහා කේන්ද්‍රස්ථානයක් බවට පත් වීම ආදී කරුණු පිළිබඳව අවධානය යොමු කෙරිණි.
මෙම අවස්ථාවට විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන, NIA පාලක සභාවේ සභාපති සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් වයි. එල්. එම්. නවාවි යන මහත්වරු සහ රටේ විවිධ ප්‍රධාන ආයතන නියෝජනය කරමින් ආරාධිත පිරිසක් එක්ව සිටියහ.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ලෝකය හමුවේ ලංකාව නව්‍යකරණයට වැඩක් අරඹයි