පසුගියදා සිංගප්පූරුවේ පැවැත්වූ ෆෝමියුලා ලෝක මෝටර් රථ ධාවන තරග ඉසව්වට සමගාමීව විවිධ ප්‍රසංග ද පැවැත්විණ. ලෝකයේ ප්‍රකට ධාවන රථ තරගාවලියක් වන මෙම ෆෝමියුලා තරග පැවැත්වෙන අතරවාරයේදී මෙලෙසින් විවිධ ප්‍රාසාංගික දේ පැවැත්වීම සිදුවෙයි. ඒ සඳහා ආරාධනා ලබන්නේ ලෝකයේ විවිධ රටවල නමගිය චරිත හෙවත් ලෝ ප්‍රකට චරිතය. මෙවර ලෝ ප්‍රකට පොප් ගායිකා ශකිරා මෙන්ම ලින්කින්පාක් සංගීත කණ්ඩායමල ෂැගී නමැති ජනප්‍රිය ගායක සහ බෝයි ජොජ් වැනි ලෝ ප්‍රකට චරිත ආරාධනා ලැබ සිටියහ. එහිදී ආසියාවට අභිමානයක් වෙමින් නියෝජනය කළ එකම ප්‍රාසාංගික කණ්ඩායම වූයේ ප්‍රශාදී දිල්රුක්ෂි රණසිංහ ප්‍රමුඛ ප්‍රශාදි නර්තන කණ්ඩායමයි. ඒ අපූරු අවස්ථාව ලබාගත් ප්‍රශාදි සමග ඒ ගැන සහ තවත් විස්තර අපි කතා කරමු. ප්‍රශාදි ඔබගේ තොරතුරු ගැන සඳහනක් කළොත්? මම ව්‍යාපාරික පවුලකට අයත් දියණියක්. අම්මා, තාත්තා ව්‍යාපාරික කටයුතුවල යෙදෙනවා, අක්කා විවාහකයි. ඇය විවාහවෙලා ඉන්නේ ප්‍රවීණ රංග ශිල්පී කිංස්ලි ලොස්ගෙ පුතා සමගයි. මල්ලි ව්‍යාපාරික කටයුතුවල යෙදෙනවා. මම ඉගෙන ගත්තේ නුගේගොඩ අනුලා බාලිකාවෙන්. ඉන්පසු ප්‍රවීණ නර්තන ආචාර්ය කලාශූරී කුලසිරි බුදවත්ත රංගායතනයට බැඳී නර්තනය ප්‍රගුණ කළා. කුඩා කාලයෙදී දයා නෙල්ලම්පිටිය ගුරුතුමිය යටතේ නර්තනය හැදෑරුවා. බුදවත්ත සර් යටතේ අවුරුදු දොළහක් නර්තනය හදාරන අතරේ ප්‍රවීණ සිසුවියක ලෙස ආධුනික අයට ඉගැන්වීම්ද එහි සිට කළා. ඉන්පස්සේ සෙල්වින් ජෆාර් යටතේ ලතින් ඩාන්සින් ප්‍රගුණ කළා. ඒ වගේම විදේශීය නර්තන අධ්‍යක්ෂවරු සමග වැඩ කරන්නත් අවස්ථාව ලැබුණා. (ඉන්දියාවේ ප්‍රකට අය) ඇයි ඔබ තනි ගමනක් යන්න පටන් ගත්තෙ? බුදවත්ත රංගායතනයෙන් පසුව නැටුම් කණ්ඩායමක් පවත්වන්න ඕන වුණේ නැහැ. පවුලේ ව්‍යාපාරයට සම්බන්ධ වෙන්නයි ඕනෑ වුණේ, ඒ අතරේ ප්‍රසංගයකට සහභාගි වුණා. එතැනදී මගේ නර්තනයට ලැබුණු ප්‍රතිචාර හරිම ඉහළයි. එහිදී ලැබුණු ප්‍රතිචාර මත මගේම කණ්ඩායමක් පිහිටුවීමේ අරමුණු ඇතිවුණා. 2005 දී විතර තමයි එය පටන් ගත්තේ. ඔබගේ ශෛලීය වුණේ? උඩරට නැටුම් තමයි ප්‍රධාන වුණේ. ඊට අමතරව මගේම රිද්මයන් අනුව නර්තන විලාශය උගන්වන පංතියක් ආරම්භ කළා. ප්‍රශාදි නර්තන ආයතනය නමින්. එය පවත්වාගෙන යනවා. කොහොම වුණත් ඔබගේ කණ්ඩායම නටන්නේ සංදර්ශනවල විතරද? එළිමහන් සංදර්ශන නෙවෙයි. වෙළඳ නිෂ්පාදන එළිදැක්වීම උළෙල ආදී විශේෂිත අවස්ථා සඳහා පමණයි. බොහෝ වෙලාවට තරුණ පරපුරේ අය කරන්නෙ ගීතයට නැටීමයි. ඔබ කණ්ඩායමක් එහෙමද? එය කරන්නේ අවස්ථානුකූලවයි. ගීතයට නටන එක හොඳද? ගීතයේ රසවත් තැන් ඉස්මතු කරවීමට නර්තනයෙන් පුළුවනි. නමුත් බොහෝ අය මේ සංකල්පයට විරුද්ධයි නේද? විශේෂයෙන්ම නර්තනයේ හරය සුරකින ප්‍රවීණයින් ? මම නම් විරුද්ධ නැහැ. අන්තිමට බැලුවාම හැමෝම කරන්නෙ එකම දේ. හැඩතල පැහැය සහ රිද්මය තමයි එකිනෙකාට වෙනස් වෙන්නෙ. නැටමු වෙනම දෙයක්නෙ. ඇයි ගීතයට නටන්නෙ ? එවිට ඒ අංශ දෙකටම හානියක් නේද? ගීතයකදී එය හොඳ නම් හදවතින්ම රසවිඳින්න පුළුවනි. ගීතය අසනවිට අප මනසින් චිත්‍ර මවා ගන්නවා. අන්න ඒ වගේ ගීතයේ අරුත නර්තනයෙන් අපූරුවට ප්‍රකාශ කළ හැකියි. පසුගිය කාලයේ දී ඔබ ගැන කතාකළේ සිංගප්පූරුවේ පැවැති ෆෝමියුලා ලෝක මෝටර්රථ ධාවන තරගාවලිය නිසයි. එහෙම නේද? ඔව්, ඒක ශ්‍රී ලංකාව ලද ජයක් ලෙසයි මම දකින්නෙල තරගාවලිය අතරතුර හැන්දෑවේ විවේකයේදී ප්‍රාසාංගික දේ පැවැත්වුණා. දින තුනක් විනාඩි 45 බැගින් අපට අවස්ථා ලැබුණා. එය ආසියාවේ නර්තන කණ්ඩායමක් ලද විශේෂිත අවස්ථාවක්. ඔබගේ නර්තන කණ්ඩායමේ වෙනස මොකක්ද? අපි පිටරට සංචාරය කරන්නෙ ශ්‍රී ලාංකිකයින් ඉදිරියේ නටන්න නෙවෙයි. අපි යම්කිසි නර්තනයක් රැගෙන විදේශිකයන්ට තමයි අපේ නර්තනය පෙන්වන්නෙ. ඒ නිසා එය විශේෂයි කියලා මම හිතනවා. නැටුම කියන දේ ඔබ දකින්නේ මොන විදියටද? මගේ මුළු ආත්මයම නැටුමයි. එය මම සළකන්නේ දේවත්වයෙන්. කාන්තාවන්ගේ හැඩතල වගේම පිරිමි පෞරැෂයන්ටත් වැදගත් මෙය පෙර ආත්මයේ සිටම මගේ ආත්මයට බද්ධ වූවක් වෙන්න ඇති. රට වෙනුවෙන් ඉදිරියට ගිහින් විදේශිකයින් පිනවන විට දැනෙන සතුට අප්‍රමාණයි. මම ප්‍රධාන කරගෙන ඉන්නෙ අපේ උඩරට නර්තනය වුණත් ඇරබික්ල බෙලි, ලතින්, ඉන්දියන් වැනි අංශ වලිනුත් නිර්මාණ කරනවා. ආධුනිකව නර්තනය හදාරන අයට දැනුම දෙන්න තරම් ඔබ ප්‍රවීණයි කියලා හිතනවාද? කුඩා කාලයේ සිටම මම නර්තනය ප්‍රගුණ කළ නිසා ප්‍රවීණත්වයක් ලබා ඇති. ඒ නිසාම තමයි මගේ දැනුම අනෙක් අයට ලබාදීම වෙනුවෙන් ප්‍රශාදි නර්තන ආයතනය පවත්වන්නෙ, නමුත් සමහර අවස්ථාවලදී සමහර අය පංතියෙන් අයින්වෙලා හරියට හදාරන්නෙ නැතිව නුසුදුසු දේ කිරීම නිසා පැවැත්ම නැති කරගත් අවස්ථා මම දැකලා තියෙනවා. මෙය ඇත්තටම තමුන්ගෙ ගෞරවය රැකගෙන විනීතව කළ යුතු දෙයක්. සමහරු ඇකඩමි කියන නම මුල් කරගෙන දවසෙන් දෙකෙන් පංති පවා පටන් ගන්නවා. නමුත් ඒවා අසාර්ථකයි. තවත් සමහරු මගේ නමින් බොරු ෆේස්බුක් හදාගෙන මගේ නමට කැළලක් කරන්න හදනවාර. ඒ කිසිවකට නොසැලී මම මගෙ ගමන අරුත්බරව යනවා. එළැඹෙන මාර්තුවේ දී අලුතින් බැඳෙන කණ්ඩායමට නර්තනයේ හරය කියාදීම සඳහා තමයි මේ දිනවල වෙහෙසෙන්නෙ.
2025 නොවැම්බර් මස 04
703
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2372
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1738
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලෝකය ස්පර්ශ කරන ප්‍රශාදිගේ නර්තන හැඩය....
නිත්‍යා Wednesday, 09 January 2013 11:40 AM
ආනේ මේ කැති නේද ??(ස)