IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ලෝකෙම මුහුද රකින්න ලංකාවත් එක් වෙයි

(අංජුල මහික වීරරත්න)

ජාතික දේශසීමාවට ඔබ්බෙන් පිහිටි ප්‍රදේශ වල ජෛව විවිධත්වය පිළිබඳ ගිවිසුමට අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ජාතික දේශ සීමාවට ඔබ්බෙන් පිහිටි ප්‍රදේශ වල සමුද්‍ර ජෛව විවිධත්වය පිළිබඳ අන්තර් රාජ්‍ය සමුළුව විසින් ජාතික දේශ සීමාවට ඔබ්බෙන් පිහිටි ප්‍රදේශවල ජෛව විවිධත්වය පිළිබඳ ගිවිසුම 2023-06-19 දින සම්මත කරනු ලැබ ඇත. 

එම ගිවිසුම සාගර නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය (UNCLOS) යටතේ ක්‍රියාත්මක වන තුන්වන ගිවිසුම වේ.

සංවර්ධිත රටවල මිනිස් ක්‍රියාකාරකම් වර්ධනය වීමේ ප්‍රතිඵලයක් ලෙස සාගර ජෛව විවිධත්වය තර්ජනයට ලක් වී ඇති අතර, එමඟින් සාගර ගුණාත්මක භාවය සහ ඔරොත්තු දීමේ හැකියාව අවදානමට ලක් වී ඇත.

සාගර නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය වඩා හොදින් ක්‍රියාත්මක කිරීම, විවිධ පාර්ශ්වකරුවන්ගේ පුළුල් සහයෝගිතාව සහ සම්බන්ධීකරණය තුළින් විශාල භූගෝලීය ප්‍රදේශ ආරක්ෂා කිරීම සහ සංරක්ෂණය කිරීම යන කරුණු පදනම් කර ගනිමින් එකී ගිවිසුමට එළඹීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ තිබේ. 

ඒ අනුව, ජාතික දේශසීමාවට ඔබ්බෙන් පිහිටි ප්‍රදේශවල ජෛව විවිධත්වය පිළිබඳ ගිවිසුම අත්සන් තැබීම පිණිස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

ලෝකෙම මුහුද රකින්න ලංකාවත් එක් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 593 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1092 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site