(අංජුල මහික වීරරත්න)
ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඇතුළු සියලු අමාත්‍යාංශ හා රාජ්‍ය අංශයේ ආයතන ගණනාවක කාර්ය මණ්ඩලවල එකමුතුවෙන් සියලු ශ්‍රී ලාංකිකයන්ට විවෘත තරග හා විදේශිකයන් සඳහා තරග වලින් සමන්විතව පැවැත්වෙන “වසත් සිරිය 2023” සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවය අප්‍රේල් 22 වන සෙනසුරාදා කොළඹ ගාලු මුවදොර හරිත භූමියේ දී පැවැත් වේ.
පෙරවරු 7 සිට පස්වරු 5 දක්වා පැවැත්වෙන අලුත් අවුරුදු ක්‍රීඩා හා තරඟ ඉසව්වලින් අනතුරුව පස්වරු 6 සිට රාත්‍රී 12 දක්වා මියැසි ප්‍රසංගයක් ද සංවිධානය කර තිබේ.
රාජ්‍ය අංශය, විවෘත අංශය සහ ආගන්තුක අංශය යන කොටස් තුනක් ක් යටතේ තරඟ ඉසව් සංවිධානය කර ඇත.
අමාත්‍යාංශ හා රාජ්‍ය ආයතනයන්හි කාර්ය මණ්ඩලවල සාමාජික, සාමාජිකාවන්, පවුලේ හිතවතුන් සහ ළමුන් වෙනුවෙන් කාන්තා සහ පිරමි තරග ඉසව් 18 ක් පැවැත්වෙන අතර ගස් ලබු ගෙඩියේ ඇට ගණන් කිරීම, සැඟවුණු අමුත්තා සෙවීම, අලියාට ඇස තැබීම, කණා මුට්ටිය බිඳීම, පොල් අතු විවීම, පොල් ගෑම, කොට්ටපොර ගැසීම, බනිස් කෑම, සූප්පුවෙන් බීම බීම, ඉඳිකටුවට නූල දැමීම, මීටර් 100 දිවීම, අන්ධයාට කිරි කැවීම, බාධක දිවීම, බැලුම් පිපිරවීම, ඉටිපන්දම් දැල්වීම, දෙහි ගෙඩිය හැන්ද මත තබාගෙන දිවීම, කඹ ඇදීම, සංගීත පුටු තරගය, සංගීත තොප්පි තරගය, ජන ගී ගායනය, ටොෆි ඇහිදීම, හොඳම හිනාව, ලොකුම බඩ තේරීම එම තරග ඉසව් අතරට අයත්ය.
ඕනෑම ශ්‍රී ලාංකිකයකුට සහභාගී විය හැකි විවෘත අංශයක් ද තරඟ 16ක් මීට ඇතුළත් අතර “පුර සැරිය” ස්ටෑන්ඩඩ් බයිසිකල් තරඟය, මැරතන් ධාවන තරඟය, ලිස්සන ගහ, කඹ ඇඳීම, කොට්ටාපොර ගැසීම, ඉටිපන්දම් දැල්වීම, බැලුම් පිපිරවීම, අලියට ඇස තැබීම, ටොෆි ඇහිදීම, හොඳම හිනාව අවුරුදු කුමරා සහ කුමරිය ඇතුළුව ලොකු කුඩා සැමට සහභාගී විය හැකි තරග ඉසව් ඊට ඇතුලත් වේ.
එමෙන්ම විදේශකයින්, තානාපති කාර්යාල, විදේශ ආයතන සහ අවට හෝටල් වල සිටින පිරිස් වෙනුවෙන් ආගන්තුක අංශයක් ද විවෘත අතර විදේශිකයන්ට විනෝද විය හැකි තරඟ ඉසව් 10කින් ද එය සමන්විතය.
අතීත ගැමි සමාජයේ ගම සහ ගැමි ගෙදර අතර පැවති සුන්දර සබැදියාව විදහා දක්වමින් ගැමි ගෙදරක් සහිත පරිසරයක අකෘතියක් ද මෙහි ප්‍රතිනිර්මාණය කෙරේ.
කැවිලි පෙවිලි, ඇදුම් පැළදුම්, සිංහල අවුරුදු චාරිත්‍ර ඇතුළත් ගැමි ගෙදරක ස්වරූපය ඉන් ප්‍රදර්ශයනය කෙරෙන අතර රබන් ගැසීම, පංච කෙළිය, ඔළිඳ කෙළිය, චක්ගුඩු, ජන සංගීතය, පොරපොල් ගැසීම, අං කෙළිය ඇතුළු ගැමි ක්‍රීඩා සහ ප්‍රදර්ශනාත්මක අංග රැසක් ඊට ඇතුළත්ය. කතුරු ඔංචිල්ලා, උණ වෙඩි සංදර්ශන, කඩමණ්ඩිය සහ, වෙද ගෙදරකින් ද භූමිය විචිත්‍රවත් කර තිබේ.
මියැසි ප්‍රසංගය රාත්‍රී 7.00 ට එම ස්ථානයේ දී ආරම්භ වේ.
2025 දෙසැම්බර් මස 18
486
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලෝකෙටම විවෘත අවුරුදු උළෙල 22 ගාලුපිටියේ
fairoos Monday, 17 April 2023 12:17 PM
කොහොමද රනිල් රාජපක්ෂලාගේ අවුරුදු සැමරුම...?