IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ලාංකික රියැදුරුට හත් ලක්ෂයක වන්දියක්

සෞදි  අරාබියේ රියදුරකු වශයෙන්  සේවය කරමින් සිටියදී  රිය අනතුරකින් ආබාධිත තත්ත්වයට පත් වු ශ්‍රී ලාංකික ශ්‍රමිකයකුට එරට සේවාදායකයාගෙන් රියාල් 20,000ක (රුපියල් හත් ලක්ෂයක) වන්දියක්  ලබා දීමට එරෙහිව ජෙඩා හි ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලයටහැකි වී තිබේ.

මෙලෙස වන්දි මුදලක් හිමි වී ඇත්තේ රුවන් චාමර හේරත්(29) මහතාටය.

තම හාම්පුතු සම හාම්පුතුගේ මෝටර්  රථය පදවාගෙන  යමින් සිටියදී  රථයේ ආලෝකය විසන්ධි වීම නිසා රිය අනතුරකට  ලක් වීම නිසා  රිය අනතුරකට  ලක්ව ඇති අතර ඉන් එහි රියදුරු වශයෙන් සේවය කළ  ලාංකිකයාගේ පාදයට  බරපතල හානි සිදු විය.

ආලෝකය විසන්ධිව තිබියදී ඔහු ඔහු වාහනය පදවා ඇත්තේ සිය හාම් පුතාගේ බල කිරීම මතය. පසුව එම හාම්පුතු ද තුවාල ලබා ආබාධිත තත්ත්වයට පත් වු ලාංකිකයාට  වන්දියක් පිරිනැමීම ප්‍රතික්ෂේප කැර තිබේ.

පසුව ඔහු රියාල්  5000 ක වන්දියක්  ලබා දීමට  උත්සාහා කළද ලාංකික ශ්‍රමිකයා එය ප්‍රමාණවත් නොවන බව  හාම්පුතුට දන්වා තිබේ.

මේ පිළිබව ජෙඩා ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට දැනගන්නට ලැබීමත් සම එහි මැදිහත් වීමෙන් සෞදි හාමු පුතුන්ගේ රියාල් 20,000 ක වන්දි මුදලක් ලබා දීමට හැකි වී තිබේ.

 



අදහස් (0)

ලාංකික රියැදුරුට හත් ලක්ෂයක වන්දියක්

බන්දුල Wednesday, 25 December 2013 09:10 AM

පෙරේරා ඔබගේ අදහසට මමත් එකගයි. සෞදි මිනිස්සුන්ට රුපියල ලක්ෂ 7ක් කියන්නේ මහා ලොකු කජ්ජක් නෙමෙයි. ලක්ෂ 50ක් වත් අරන් දුන්නා නම් අන්න ඒ ගැන සතුටු වෙන්න තිබුනා. මේක සාදාරනය ඉටුවීමක් නොවේ. (නදී)

:       0       0

සංජීව Wednesday, 25 December 2013 10:06 AM

අපේ රටේ මිනිස්සුන්ට කාළා නිකන් ඉන්න බැරුවට කරගන්න දේවල්. අනික කවද්ද සාදාරණයක් උනේ. නැති බැරි එකා හැමදාම වලපල්ලේ. තියෙනවා නම් දුක් විදින්න රට යයිද? (නදී)

:       0       0

බඳු Wednesday, 25 December 2013 10:09 AM

ඕක අපේ අයට කලින් සෞදි පත්තරයක පලකරලා තිබුනා මාසෙකට කලින්. ඒ නිසා තමා ඔය වගේ ගානක් හම්බුනේ නැත්තම් කොහෙද ? (නදී)

:       0       0

මොහාන් Wednesday, 25 December 2013 01:39 PM

සංජීව, නිකන් ඉන්න බැරුවට ගිය ගමනක් නොවේ. හාම් පුතා සමග ගිහිල්ලා තියෙන්නේ . (නදී)

:       0       0

ලාල් කැන්ඩි Wednesday, 25 December 2013 12:23 AM

ගොඩ කාලෙකින් තානාපති කාර්යාලයකින් වැඩක් කරලා තියෙනවා.(නදී)

:       0       0

පෙරේරා Wednesday, 25 December 2013 12:37 AM

ලංකාවේ මිනිසුන්ව මේ අය හිඟන්නෝ ගානටද ගන්නේ? වෙන රටක කෙනෙකුට ඔහොම වුනානම් ඩොලර් ලක්ෂ ගණන් වන්දි දෙන්නේ.(නදී)

:       0       0

සුරාජ් Wednesday, 25 December 2013 02:14 AM

මෙහෙට සාපේක්ෂව ඕක සොච්චමක්. රියාල් 20,000 කියන්නේ ටෙක්නිසින් කෙනෙක් ගේ මාස දෙකක පඩිය. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site