ඉතාලියේ මෙස්සිනා නුවර ශ්‍රි ලාංකික ගුවන් ටිකට් සේවකයකු විසින් ගුවන් ටිකට්පත් විස්සක් හොරට නිකුත් කළ නිසා ශ්‍රි ලාංකිකයින් විසි දෙනෙකුට ගුවන් තොටේදී නැවත හැරි ඒ මට සිදු විය.
නාරම්මල සිට ඉතාලියට පැමිණ මෙසිසිනා නුවර ජිවත් වු හොර ගුවන් ටිකට් පත් නිකුත් කරන්නා එක් ගුවන් ටිකට් පතකට අය කළ මුදල යුරෝ 720 (රුපියල් 127440) කි. ගුවන් ටිකට් පත් විස්සකට ඔහු විසින් යුරෝ 14400 ක් (රුපියල් 2548800) වංචා කොට ඇති අතර ඔහු අතුරුදන්ව ඇති බව වර්තා වේ. අප්‍රේල් මාසයෙදී ශ්‍රි ලංකාව බලා පිටත් විම සදහා රොම ගුවන්තොටුපළට පැමිණි තවත් ශ්‍රි ලාංකිකයෝ 30දෙනෙක් ද හොර ටිකට් වංචාවකට හසු වූහ.
2025 දෙසැම්බර් මස 18
557
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලාංකිකයෝ 20ක් අමාරුවේ
දර්ශන් Sunday, 18 August 2013 07:03 PM
මෙවැනි පරපෝෂිතයන්ට නැවත අවස්ථාවක් නොදෙමු. (නි)
සමන් Sunday, 18 August 2013 07:06 PM
පිටරටකදි නම් ලංකාවෙ කියලා දැන ගත්තොත් ගනුදෙනු නම් කරන්න එපා.. (නි)
රත්නායක ආරච්චිගේ Monday, 19 August 2013 09:38 AM
දැන් හොරකම, වංචාව, කප්පන් ගැනීම ,ස්ත්‍රී දුෂණය ,මිනීමැරීම,නිතිගතවෙලා.මේවට කිසිම දඩුවමක් නැහැ.මේකට පුරුදු වුණ පිරිස් ලෝකේ කොහේ ගියත් ඕක කරනවා.ලංකාවට ඇවිත් හොඳට ජීවත් වෙනවා.ඉතාලියෙන් කෝටි ගණන් හොරකම් කරලා ලංකාවට පැනලා කී දෙනෙක් හොඳින් ඉන්නවද?දැන් අපිට අපි ලංකාවේ කියන්නත් ලැජ්ජයි. (ස)
ජසීම් Sunday, 18 August 2013 07:33 PM
මේ වගේ වැඩක් කුවෙට් වලදිත් වුනා.(නදී)
අමර් Monday, 19 August 2013 10:00 AM
සමන්, ඔබ හරියට හරි. ලංකාවේ අය හරිම භයානකයි. විදේශිකයෝ තව හොඳයි. පවට බයයි. අපිට අනුකම්පා කරනවා ඇත්තටම ලැජ්ජයි. (ස)
පෙරේරා Monday, 19 August 2013 05:22 PM
හොරකම වංචාවට ලංකාව පළමු තැනට පත්වෙලා (අ)
මිනිපෙ Sunday, 18 August 2013 08:49 PM
හරි පුදුමයි! කවදාහරි කොහොම හරි අන්තිමට අහුවෙන හොරකමක් කරලා. මේක මෝඩ හොරකමක්ද, නැත්නම් අධික තණ්හාවෙන් මත් වීමක්ද. (නි)
ගාමිණී Sunday, 18 August 2013 09:42 PM
සමන් හරි. පිටරටකදී මුලින්ම පරිස්සම් වෙන්න ඕන ලංකාවේ අයගෙන් තමයි. (අ)
රොෂාන් Sunday, 18 August 2013 09:52 PM
ගාමිණීගේ කතාව හරියටම හරි ,ලංකාවේ මිනිස්සු ලෝකෙත් විනාශ කරනවා ,ලංකාවේ නම කනවා (අ)
අමිල කටුනායක Sunday, 18 August 2013 10:08 PM
මේ හොරදෙටුවා ඔහුගේ කාර්යය නම් උපරිමයෙන් කරගෙන (නි)
සුදේශ් Monday, 19 August 2013 12:29 PM
මටත් මේ දේම වුණා (නි)
පිටිගල මිලානෝ Monday, 19 August 2013 12:29 PM
ටිකට් ගැනීමේදී පිළිගත් 'ඉතාලි' ඒජන්සියකට යන්න. (නි)
ද සිල්වා බෙර්ලින් Monday, 19 August 2013 01:11 AM
අන්තර්ජාලය හරහා ඉතා අඩු මිලට එමිරේටෙස් , කටාර් . ඕමාන් හරහා ඍජුවම ගුවන් ගමන් ප්‍රවේශ පත්‍ර ආරක්ෂාකරිව ලබාගැනීමේ පහසුකම් තිබියදී මොකටද එක එක නියෝජිතයෝ පස්සේ ගිහින් මුදල් නැති කරගන්නේ? දැන් ඉතාලියේ ජිවත්වන ශ්‍රී ලාංකික ප්‍රජාව අතරේ හොරකම් , වංචා බහුලයි. (නි)
මෙසිනා Monday, 19 August 2013 01:20 AM
පොඩි ලාභයකට හොරුන්ගෙන් ටිකට් ගන්න යන්නෙ ඇයි? (නි)
ලෙස්ලි ලෝව් Monday, 19 August 2013 02:13 AM
සැම වරදකටම වෙන්නප්පුව දෙසට ඇගිල්ල දිගු කරන අයට දැන් තේරෙනවා නේද ගම අනුව නෙමෙයි වැරදි සිදු වෙන්නේ කියලා (නි)
මහගෙදර ඇඹිලිපිටිය Monday, 19 August 2013 02:33 AM
ඇත්තටම යම්තම් හරි උගත්කමක් තියෙන යම්තම් හරි මනුස්ස ගතියක් තියෙන එකම කෙනෙක්වත් ඉතාලියට ගිහින් තියෙනවද? ඉතාලියෙන් ඇහෙන්නෙම ලංකාවේ පාතාල වල ඉන්න මිනිස්සු කරන දේවල් විතරයි. අපොයි නිවාඩුවකටවත් යන්න වටින රටක් නෙමෙයි. (නි)
ඩිලාන් Monday, 19 August 2013 02:50 AM
මෙසිනා නගරයේ මාස 6කට සැරයක්වත් කවුරුහරි මෙසිනා ඉන්න මෝඩයන් රවටලා පනිනවා. (නි)
ද සිල්වා බෙර්ලින් Monday, 19 August 2013 01:24 PM
ඉතාලියේ ශ්‍රී ලංකික ප්‍රජාව ඉස්සර ධාර්මිකව තමන්ගේ පාඩුවේ ධාර්මිකව රැකියාවක් කරගෙන එකිනෙකාට උදවු කරගනිමින් ජිවත් වුණා. මෙවැනි වංචා සහ මැරකම් බහුල වුණේ ලංකාවේ පාතාල මැරයෝ සහ හොරු ඉතාලියට ආවට පස්සේ. දැන් ඉතාලියේ ඉන්න ශ්‍රී ලංකික ප්‍රජාව භේද බින්න වෙලයි ඉන්නේ (නි)
සත්‍ය Monday, 19 August 2013 05:24 AM
ශ්‍රී ලංකාව දැන් සොරකම් කිරීමේ ක්‍රමවේදය නිර්යාත කරනවා. ඒවා මිලදී ගත් ශ්‍රී ලාංකිකයින් ඒවා හොඳ ගානක් තියාගෙන ශ්‍රී ලාංකිකයින්ටම විකුණනවා. ප්‍රශ්නයක් නැහැ අවුලක් නැහැ. (නි)
දිසා Monday, 19 August 2013 06:21 AM
මේ රොෂාන් ,ලංකාවේ නම කෑවේ ලංකාවේ දේශපාලුවෝ. දන්නේ නැත්නම් දැනගන්නවා හොදයි (නි)
කින් බෙනට් Sunday, 18 August 2013 06:43 PM
ඒකත් නරක නැහැ බිස්නස් එක. එක්කෙනෙක්ගෙන් පොඩි ගාන ගනනේ එකතු කළත් මිනිහට කාර් එකක් ගන්න , ගෙයක් ගන්න සල්ලි හම්බු කරගෙන තියෙනවා (නි)
පියල් Monday, 19 August 2013 09:01 AM
එක් කෙනෙක් කරපු වරදට රටක්ම අල්ලන්න එපා . හැම රටකම වැරදි කරන ජාතිකයෝ ඉන්නවා ! (ස)