IMG-LOGO

ලාංකිකයන්ට ජපානයේ වැඩි රැකියා අවස්ථා ඉල්ලයි

 

(යොහාන් භාසුර)

ශ්‍රී ලාංකික තරුණ තරුණියන් ජපානයේ තාක්ෂණික සීමාවාසික පුහුණු ලාභීන් ලෙස වැඩි වශයෙන් බඳවාගැනීමට කටයුතු කරන ලෙස කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය  මනුෂ නානායක්කාර මහතා, ජපානයේ අයි.ආර්.ඕ. ආයතනයේ අධ්‍යක්ෂක සුගා කට්සුකායි මහතාගෙන් ඉල්ලීමක් කළේය.

ජපානයේ තාක්ෂණික පුහුණුලාභීන් බඳවාගන්නා ආයතනයක් වන අයි.ආර්.ඕ.  ආයතනයේ අධ්‍යක්ෂක සුගා කට්සුකායි මහතා ඇතුළු විශේෂ නියෝජිත පිරිසක් අද (21) විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණ අමාත්‍යවරයා හමුවූ අවස්ථාවේදී එම ඉල්ලීම කළේය.

එහිදී නියෝජිත පිරිස යහපත් ප්‍රතිචාර දැක්වු අතර, ශ්‍රී ලාංකිකයින්ගේ තාක්ෂණික හැකියාව සහ වැඩිහිටි සත්කාර සේවා ජපන් ජාතිකයින් ඉතා ඉහළින් අගය කරන බවද ප්‍රකාශ කළේය.

ශ්‍රී ලාංකික තරුණ තරුණියන් තාක්ෂණික සීමාවාසික පුහුණු ලාභීන් ලෙස ජපානයේ රැකියාවට යොමුකිරීම සඳහා 2021 වසරේ දෙසැම්බර් මාසයේදී ජපානයේ අයි.ආර්.ඕ. ආයතනය සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අතර අවබෝධතා ගිවිසුමක් අස්සන් කළේය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති ඒ.ඒ.එම්.හිල්මි, එහි සාමාන්‍යාධිකාරී ඩී.ඩී.පී. සේනානායක, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පුහුණු හා බඳවාගැනීම්) සෙනරත් යාපා යන මහත්වරු සහ අයි.ආර්.ඕ. වැඩසටහන යටතේ ජපානය බලා යාමට සූදානම්ව සිටින රැකියාලාභීන් පිරිසක්ද එක්ව සිටියහ.



අදහස් (2)

ලාංකිකයන්ට ජපානයේ වැඩි රැකියා අවස්ථා ඉල්ලයි

L A S Niroshani Saturday, 22 July 2023 09:54 AM

ජපානයේ රැකියාවක් කිරිම සිහිනයක් වගේ. හැමකෙනාටම මෙයින් අවස්ථාවක් ලැබෙනවද කියලා ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි මෙවැනි අවස්ථාවක් දැඩි දුෂ්කරතා මත ජීවත්වන ලංකාවේ වැසියන්ට ලැබෙනවා නමි අති විශිෂ්ඨයි...!

:       0       0

chandima Saturday, 22 July 2023 06:20 PM

කට්ටිය එවන්නද කියලා ඇහුවට කෝ පුහුණුව? රට වැටිලා ආණ්ඩුව අතට අරන් සෑහෙන කාලයක්. වෙල්ඩින් කරුවන්, ලේත් මැෂින් ක්‍රියාකරුවන් වැනි ජපානයේ වැඩි වැටුප් ලැබෙන රැකියාවලට අයන්නේ ඉඳන් පුහුණු කරන්න කල් තිබුණා. උඩ බලන් ඉඳලා දැන් රස්සා ඉල්ලනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 136 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 418 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site