IMG-LOGO

2025 ජුනි මස 08 වන ඉරිදා


ලාංකිකයාට කරාටේ රිදී පදක්කමක්

ඉතාලියේ පොන්සානෝ නුවර පැවති ගුඩ්විල් ජාත්‍යන්තර කරාටේ තරගාවලිය 2014 කිලෝග්‍රෑම් 70 ට අඩු බර පන්තිය  කුම්තේ ඉසව්වෙන් තරග කර  රිදී පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ ඩබ්ලිව්.ආර් නිශාන්ත ලෝව් සමත් විය.

තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව, රුමේනියාව, ඊශ්‍රායලය, ස්විස්ටර්ලන්තය, ඉතාලිය, ස්ලෝවේනියාව සහ ඔස්ට්‍රියාව  යන රටවල් හයක  ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 1200  ක් පමණ සහභාගි වුහ.

තරගාවලිය අප්‍රියෙල් 11 වෙනිදා සිට 13 වෙනිදා   දක්වා  ඉතාලියේ පොන්සානෝ නුවර පාලච්චිකොන්යා ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.

නිශාන්ත ලෝව්  මීට පෙර ශ්‍රී ලංකාවේ ජාතික කණ්ඩායම නියෝජනය කර ඇති ක්‍රීඩකයෙකු වන අතර ඔහු  ඉතාලියේ පදිංචි ශ්‍රී ලාංකිකයෙකු වන ඉතාලියේ ජාතික ඔලිම්පික් කමිටුවේ අනුමත  ජාත්‍යන්තර විනිසුරුවරයෙකු  සහ කරාටේ පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරන සඳුන් ලක්සිරි  යටතේ පුහුණුව  ලබයි.

මෙම තරගාවලිය සඳහා සහභාගී වන ලෙස ඉතාලි ජාතික ඔලිම්පික්  කම්ටුවේ ක්‍රීඩා   'එන්ඩාස්'  දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකාවේ  'ජිකෝ' ජාතික කරාටේ කණ්ඩායමට කර තිබු ආරාධනාවක් මත මෙරට  ජාතික තලයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හය  දෙනෙක් ඇතුළු නිලධාරීන්  තිදෙනෙක් තරගාවලිය සඳහා  සහභාගී විමට  නියමිතව තිබුණි.

එසේ වුවද  විවිධ හේතු මත ශ්‍රී ලාංකා කණ්ඩායමට තරගාවලිය සඳහා මෙරටින් පිටත්ව යාමට නොහැකි වීම නිසා යුරෝපීය තරගාවලියක් නියෝජනය කිරීමට තිබු  අනගි අවස්ථාවක් මෙරට ක්‍රීඩකයන්ට අහිමි වී ඇත.

කෙසේ උවත් ශ්‍රී ලංකාවට මෙම අනගි අවස්ථාව ලබා දීම සඳහා ඉතාලි රජය සමග මැදහත්කරුවෙකු ලෙස කටයුතු කළ ඉතාලි  කරාටේ සම්මේලනයේ ප්‍රධාන විදායක නිලධාරියෙකු ලෙස කටයුතු කරන සඳුන් ලක්සිරි  ඉතාලියේ සිටින ශ්‍රී ලාංකික කරාටේ ක්‍රීඩකයන් කිහිපදෛනකු තරගාවලිය සඳහා සහභාගී කරවීමට  සමත් වීම නිසා මෙලෙසින් හෝ ශ්‍රී ලංකාවට කීර්තියක් ලබා දිමට හැකි වීම විශේෂත්වයකි.

 

 



අදහස් (0)

ලාංකිකයාට කරාටේ රිදී පදක්කමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 520 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 325 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 476 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site