(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවට ජාවාරම් කිරීම සඳහා ගෙන ආ ඉන්දීය රුපියල් කෝටි 602 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 2000ක්) පමණක් වටිනාකමින් යුත් මත් ද්‍රව්‍ය කිලෝ 86 ක් ඉන්දීය මුහුදු සීමාවට පැමිණි සැක සහිත පාකිස්තාන බෝට්ටුවක තිබී අත් අඩංගුවට ගැනීමට ත්‍රස්ත මර්දන ඒකකය සහ මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය සමඟ කළ ඒකාබද්ධ මෙහෙයුමකදී ඉන්දීය වෙරළාරක්ෂකයන් සමත් වී ඇති බව හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තා කළේය.
බෝට්ටුව සමඟ පකිස්තාන ජාතිකයන් 14 දෙනෙකුද අත් අඩංගුවට ගෙන ඇති බවත් මෙම මත් ද්‍රව්‍ය තොගය පාකිස්තාන මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන හජී අස්ලාම්ට අයත් බවට තොරතුරු ලැබුණු බවත් ඉන්දීය මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය ප්‍රකාශ කළේය.අස්ලාම් ඉන්දියාව හරහා මත් ද්‍රව්‍ය තොගයක් ජාවාරම් කිරීමට සූදානම් වන බවට ලද තොරතුරක් මත මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළ බවද මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය පැවැසුවේය.
එලෙස ඉන්දීය මුහුදු සීමාවට ගෙන මත් ද්‍රව්‍ය තොගය ඉන්දීය බෝට්ටුවකට පටවා තමිල්නාඩුවට රැගෙන යාමට සැලැසුම් කර තිබී ඇති බවත් පසුව එම මත්ද්‍රව්‍ය තොගය ශ්‍රී ලංකාවේ සිටින මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට බාර දීමට සැලසුම් කර ඇති බවත් මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය ප්‍රකාශ කළේය.ජාවාරම්කරුවන් පකිස්තාන බෝට්ටුව අලී ලෙස හඳුන්වා ඇති බවත් එම මත්ද්‍රව්‍ය පැටවීමට නියමිතව තිබූ ඉන්දීය බෝට්ටුව හේඩර් ලෙස හඳුන්වා ඇති බවත් ඉන්දීය මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය පැවැසුවේය.
එම මත් ද්‍රව්‍ය කිලෝ 86 පැකට් 78 කට අසුරා තිබී ඇති බවත් එම මත් ද්‍රව්‍ය තොගය අයිස් ලෙස හඳුන්වන මත් ද්‍රව්‍ය වර්ගයට අයත් බවත් ඉන්දීය මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති සම්මි සිල්වා සහ වැඩබල ලේකම්වරයාට එරෙහිව වාරණ නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා අද (15)නිකුත් කළේය.
හොරු ආරක්ෂා කරන බවට චෝදනාවට ලක්වූ ආණ්ඩුව විසින් හොරු අල්ලන නීති රැසක් පසුගිය දෙවසර ඇතුළත ගෙන ආ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
අල්ලස් දූෂණයට නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය අද (15) ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවේදී උණුසුම් තත්ත්වයක් ඇති විය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස තේරී පත් වූ අධිකරණ ඇමති අමාත්‍ය විජයදාස රාජපක්ෂ හා පාර්ලිමේන්තු මන්ත්‍රී සාරථි දු
නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ආනයනය කර කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි රුපියල් ලක්ෂ විසි එකක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගය
කොළඹ හා ඒ අවට ප්‍රදේශවල ගංවතුර අවම කිරීම සදහා ක්‍රියාත්මක ව්‍යාපෘති කඩිනම් කරන්නැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඉඩම් සංවර්ධ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ලංකාවට ගේන්න හැදූ මත් ද්‍රව්‍ය ඉන්දියාවෙන් අල්ලයි
wedage Monday, 29 April 2024 04:13 PM
පින්තූර දාන එක හොඳයි...!