IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


ලංකාවට කිරි උතුරවන්න ජපානෙන් උදව්වක්

(අංජුල මහික වීරරත්න)

කිරි නිෂ්පාදන අංශයේ ඵලදායිතාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය සහ ශ්‍රී ලංකා නාවික හමුදාවට නිල ආරක්ෂක සහාය සඳහා වන ව්‍යාපෘතිය වෙනුවෙන් ජපාන රජයේ ආධාර ලබා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

දෙරට අතර පවතින දිගු කාලීන සහයෝගිතා පසුබිම අනුව කිරි නිෂ්පාදන අංශයේ ඵලදායිතාව වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය සඳහා ජපන් යෙන් මිලියන 463 ක් සහ ශ්‍රී ලංකා නාවික හමුදාවට නිල ආරක්ෂක සහාය සඳහා වන ව්‍යාපෘතිය වෙනුවෙන් ජපන් යෙන් මිලියන 500ක් වශයෙන් ජපන් යෙන් මිලියන 963 ක (ආසන්න වශයෙන් රුපියල් බිලියන 1.94ක්) ප්‍රදානයක් ලබා දීමට ජපාන රජය එකඟකාව පළ කර ඇත. 

කිරි නිෂ්පාදන අංශයේ ඵලදායිතාව වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ධාරිතාව වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය උපකරණ සහ තාක්ෂණික සහාය ලබා දීමට නියමිත අතර, ශ්‍රී ලංකා නාවික හමුදාවට නිල ආරක්ෂක සහාය සඳහා වන ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ විමර්ශන, නිරීක්ෂණ සහ අධීක්ෂණ ක්‍රියාකාරකම් සඳහා ඩ්‍රෝන යානා සැපයීම සඳහා ආධාර ලබා දීමට ද නියමිත ය. 

ජනාධිපතිවරයා  විසින් ඉදිරියේදී ජපානයේ සිදු කිරීමට නියමිත රාජ්‍ය සංචාරය අතරතුරදී මෙම ව්‍යාපෘති වලට අදාළ හුවමාරු පත්‍ර සහ අනෙකුත් ලියවිලි අත්සන් තැබීමට නියමිතව ඇති අතර, ඒ අනුව, ඉදිරි පියවර ගැනීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

ලංකාවට කිරි උතුරවන්න ජපානෙන් උදව්වක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30225 31


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12318 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10900 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 775 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 238 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 885 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site