IMG-LOGO

රා ටෙන්ඩරය කෝටි දෙක හමාරට තීන්දුයි

ලබන වර්ෂය සඳහා බළන්ගොඩ රා තැබෑරුමේ ටෙන්ඩරය රුපියල් දෙකෝටි හතළිස් තුන් ලක්ෂයක ලංසුවකට හිමිව ඇත.

බළන්ගොඩ ප්‍රාදේශිය මහලේකම් කාර්යාලයේදී මෙම ටෙන්ඩරය විවෘත කරනු ලැබීය. බලපත්‍ර ගාස්තු වෙනුවෙන්  වැඩිම වාර්තාගත අදායමක් උපයනු ලබන්නේ මෙම මත්පැන් බලපත්‍රයට බව වාර්තාවේ.

 



අදහස් (0)

රා ටෙන්ඩරය කෝටි දෙක හමාරට තීන්දුයි

සජී Monday, 12 September 2016 07:13 AM

අනේ මන්දා මතට තිතද? තිතට මතද ? (බ)

:       0       0

චන්න බුවනක Sunday, 11 September 2016 01:20 PM

අත්‍යවශ්‍ය නොවන දෙයක් වෙනුවෙන් රටේ ජනතාව මොන තරම් වියදමක් කරනවද? (ර)

:       0       0

පිටිගල මිලානෝ Sunday, 11 September 2016 03:00 PM

මත්පැනටම ගිය රටක් වෙලානේ දැන් මේක. (නි)

:       0       0

රන්ජිත් Sunday, 11 September 2016 03:47 PM

ඔය දෙකෝටි හතලිස් ලක්ෂය ගෙවන්නේ රා බොන මිනිස්සු මිසක් තැබෑරුමේ ටෙන්ඩරය ගත් කෙනා නොවෙයිනේ (නි)

:       0       0

බමුණුසිංහ Sunday, 11 September 2016 11:16 PM

සුමිත්‍රා බස්නායක රා ගැන හොඳට දන්නවා වගේ. ඔබ හරි. ඔය කියන ප්‍රමාණයට රා නිෂ්පාදනය වෙන්නේ නැත. දැන් හොඳ රා ටිකක් බොන්න සොයා ගැනීමට වැඩිය විස්කි බීම ලාබය. ලෙහෙසිය. රා වලින් ලැබෙන සතුට විස්කි වලින් ලැබෙන්නේ නැත. ඕක දන්නේ රා බීපු අය විතරයි. (නි)

:       0       0

බමුණු ආරච්චි Sunday, 11 September 2016 11:18 PM

චන්න බුවනක ඔය කිවුවේ කතාවක්. කිතුල් රා ටිකක් බීලා බලන්නකෝ. ඊටපස්සේ අත්‍යවශ්‍ය වෙන හැටි බලන්න. (නි)

:       0       0

හේවා Sunday, 11 September 2016 07:19 AM

සුරාවට විරුද්ධව රැස්වීම් අමතමින් සුරවාටම ටෙන්ඩර් දෙනවා රා සුරාවක් නොවේද.? (ර)

:       0       0

සෑම් Sunday, 11 September 2016 09:09 AM

මාස දොළහකට ලක්ෂ දෙසිය හතළිහයි . මාසෙකට ලක්ෂ විස්සයි දිනකට හැට හය දාහයි . මෙතරම් මුදලක් ගෙවලා අනිකුත් වියහියදම් සේවක පඩිනඩි, විදුලි ජල බිල් වරිපනම් බදු වෙළඳ බදු ආදියත් ගෙවලා ලාබයකුත් ලබන්න නම් මේ මිනිස්සු රා බොනවා නොවේ නානවා වෙන්න ඇති (හේ)

:       0       0

පෙරේරා Monday, 12 September 2016 05:08 AM

ඔය තියෙන්නේ ‘තිතට මත‘ අපූරුවට. (බ)

:       0       0

රණවක Monday, 12 September 2016 06:10 AM

බොමුද බොමුද රා... බොමුද බොමුද රා... කියලා වෙළඳ දැන්වීමක් එහෙමත් ළඟදිම එයි. තිතට යයි වැඩේ. (නි)

:       0       0

සුමිත්‍රා බස්නායක Sunday, 11 September 2016 10:58 AM

රා වලට සීනි සහ වතුර කලවම් කරානම් බොන්නයි නාන්නයි දෙකම පුළුවන්. එහෙම තමා වෙන්නේ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 75 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 14 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 670 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site