IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


රෝහල් රාජකාරියට බාධා කළ වෛද්‍යවරයා අත්අඩංගුවට

( ෂේන් සෙනෙවිරත්න)

තෙල්දෙණිය රෝහලේ වෛද්‍ය අධිකාරිවරයාට සහ  කාර්ය මණ්ඩලයේ රාජකාරියට බාධා වන අයුරින් හැසිරුණ බව කියන එම රෝහලේම වෛද්‍යවරයකු අත්අඩංගුවට ගත් බව තෙල්දෙණිය පොලිසිය කියයි.

තෙල්දෙණිය රෝහලේ වෛද්‍ය අධිකාරි සුනිල් සෙනරත් යාපා මහතා විසින් පොලිසියට සිදු කරන ලද පැමිණිල්ලකට අනුව එම වෛද්‍යවරයා සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

රෝහල් කාර්ය මණ්ඩලයේ රාජකාරියට බාධා වන අයුරින් හැසිරීම සහ තර්ජනය කිරීම යන චෝදනා පැමිණිල්ලේ සඳහන් වන බව පොලිසිය කියයි. සැකපිට අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා මීට පෙරදීද රෝහල් කාර්ය මණ්ඩලයේ රාජකාරියට බාධාවන අයුරින් හැසිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත නිදහස්ව ඇති අයෙකු බවද පොලිසිය කියයි.

අත්අඩංගුවට පත් වෛද්‍යවරයා අද  (10) තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.



අදහස් (4)

රෝහල් රාජකාරියට බාධා කළ වෛද්‍යවරයා අත්අඩංගුවට

වෛද්‍ය නාමල් අයිස්ලන්තයේ සිට Wednesday, 10 September 2025 09:51 AM

වෛද්‍යවරු උනත් විවිධ ලෙඩ හැදෙනවා.

:       27       36

SusanthaWednesday, 10 September 2025 12:12 PM

ඒකනේ වෛද්‍ය ගමගේ මහතා වෙදෙක් වුනත් ලෙඩෙක් වුනොත් කියල පොතකුත් ලිව්වෙ

:       0       4

Perera Wednesday, 10 September 2025 10:02 AM

විනය පරීක්ෂණයකට යොමු කරලා සේවයෙන් නෙරපිය යුතුයි.

:       10       12

wedage Wednesday, 10 September 2025 10:33 AM

අමුතු දොස්තර කෙනෙක් වගේ නේද?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 671 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17777 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 747 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site