
(නිමල් ජයරත්න)
පොළොන්නරුව මහවැලි බි කලාපයේ ගල්තලාව ප්‍රදේශයේ කුඩාඔය අමුණේ රොන්මඩ ඉවත්කරන මුවාවෙන්, කිසියම් පිරිසක් අමුණට යන්ත්‍ර සූත්‍ර දමා වැලි ගොඩ දැමීමේ ජාවාරමක් ක්‍රියාත්මක කරන බව ගල්තලාව ගොවීහු චෝදනා කරති.
දින කිහිපයක සිට මෙම රොන්මඩ ඉවත් කිරීමේ ජාවාරම පිටුපස වැලි පමණක් ඉවත් කිරීමේ ව්‍යාපෘතිය ඔවුන් විසින් දියත් කර ඇති බවත්, මෙම ජාවාරමට ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය වගකිව යුතු බවත්, මේ වනවිට කුඩාඔය අමුණට දැඩි ලෙස හානි සිදුව ඇති බවද ගොවි සංවිධාන නියෝජිතයෝ හා ගොවීන් පෙන්වා දෙති.ෙ
පරිසර නීති උල්ලංඝනය කර සිදුකරන මෙම ජාවාරම පිටුපස රාජ්‍ය නිලධාරින් මෙන්ම දේශපාලනය අධිකාරිය සිටින බව පවසති
ගංගා ඇළ දොළවලට මෙන්ම අමුණුවලට කිසිසේත්ම යන්ත්‍ර සූත්‍ර දැමිය නොහැකි වටපිටාවක මෙම ජාවාරම්කරුවන් යන්ත්‍ර සූත්‍ර කීපයක් දමා රොන්මඩ වෙනුවට වැලි ඉවත් කිරීම සිදුකරන බැවින එය වහාම නතර කිරීමට පියවර ගන්නා ලෙසද අදාළ බලධාරීන්ගෙන් ගොවීහු ඉල්ලා සිටිති.
ගොවීන් නඟන චෝදනාව සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ විජයබාපුර කොට්ඨාශ කළමණාකාර කසුන් මදුසංක මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී ඒ මහතා සඳහන් කළේ, ඔය ව්‍යාපෘතිය අමාත්‍යවරයාගේ ව්‍යාපෘතියක් , රජයට බදු ගෙවා සිදුකරන ව්‍යාපෘතියක්. ඔයේ තිබෙන රොන්මඩ සහ වැලි ඉවත් කිරීමට ලබාදී තිබෙන ව්‍යාපෘතියක් බවද ඒ මහතා සඳහන් කළේය.
2025 ඔක්තෝබර් මස 08
1708
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1426
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
512
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
රොන්මඩ පෙන්නා වැලි ගොඩ දමනවාලු
ගුණරත්න Thursday, 30 October 2025 07:39 AM
බුහ හා, ගිය ආණ්ඩු කාලේ දේශපාලන අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වුනා කියපු වැලි මාෆියාව තවමත් වැඩ! එතකොට මේ ආණ්ඩුවත් මාෆියාවට උදවු කරනවද? නැත්නම් මුන් අරුන් වෙනුවට ආවාද?
ලලිත් Thursday, 30 October 2025 08:21 AM
76 වසරක ශාපය දිගටම ගෙන යමු. ඇමතිගෙ වැඩක් නම් ප්‍රශ්නයක් නෑනේ.
chinthana Thursday, 30 October 2025 09:44 AM
රොන්මඩ හා වැලි ඉවත් කරන ව්‍යාපෘතියක් නේ. ඉස්සෙල්ල වැලි ඉවත් කරලා පස්සේ රොන්මඩ ඉවත් කරයි. ඇමතිගේ ව්‍යාපෘතියක් නිසා මහවැලියට කිසිවක් කරන්න බෑ.