( හර්ෂණ තුෂාර සිල්වා )
ඇමෙරිකා ඩොලරයට සාපේක්ෂව ඉකුත් දිනවල පහළ ගිය ශ්‍රී ලංකා රුපියල අද (16) තරමක වර්ධනයක් පෙන්නුම් කළේය.
ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව අද (16) ඩොලරයක විකුණුම් අගය රුපියල් 201.28ක් ලෙසත් ගැනුම් අගය රුපියල් 195.27ක් ලෙසත් දැක්විණි.
මෙරට ඉතිහාසයේ පළමු වරට ඇමෙරිකා ඩොලරයකට සාපේක්ෂව රුපියලේ අගය ඊයේ (15), 204 සීමාව ඉක්මවා පහළ ගියේය.
ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව ඩොලරයක විකුණුම් අගය ඊයේ (15) රුපියල් 204.68ක් ලෙසත් ගැනුම් අගය රුපියල් 199.80ක් ලෙසත් දැක්විණි.
COMMENTS
180ට පමණ තිබූ එක 204ට ගියා. දැන් දැන් 201 වූ හැටියේ කඩිමුඩියේ කියනවා වර්ධනය වුණාලු...!!!
මෙහෙම වුනේ අර ඩොලර් මිලියන 500 චීන ණය ආධාර නිසාද?
චීනයෙන් ආව ඩොලර් මිලියන 500ක ණය මුදල නිසයි මේක වුණේ... එහෙම නැතිව මේ ආණ්ඩුවේ හපන්කමකට නොවේ. දැනටම මේ රට චීනයට නතුවෙලා ඉවරයි. අද ලංකාව ඇතුලේ චීන්නු ප්‍රබල වෙද්දී ලාංකිකයෝ දුර්වල වෙලා..
මේ රජය නම් නියමයි.!!!