(රංජන් කස්තුරි)
අත්‍යාවශ්‍ය සේවාවල නිරතව සිටින රාජ්‍ය සේවකයින්ට මාසිකව විශේෂ දීමනාවක් ලබාදෙන්නැයි ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය රජයෙන් ඉල්ලීමක් කරයි.
රජය මගින් අත්‍යාවශ්‍ය සේවාවල නිලධාරී මේ වනවිට කොවිඩ් අවධානම නොතකා රාජකාරීවල නිරතව සිටින බවද ඔවුන්ට ඒ වෙනුවෙන් විශේෂ දීමනාවක් ලබාදිය යුතු බවද ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානයේ ලේකම් ධම්මික මුණසිංහ මහතා කීය.
ආර්ථික සංවර්ධන නිලධාරීන්ට, ග්‍රාම නිලධාරීන්ට, සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ට, ප්‍රාදේශීය ලේකම්වරුන්ට සහ දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ අනෙකුත් අත්‍යාවශ්‍ය රාජකාරීවල නිරත රාජ්‍ය සේවකයින්ට එම විශේෂ දීමනාව හිමිවිය යුතු බවද මුණසිංහ මහතා සඳහන් කරයි.
මේ පිළිබඳව ඉල්ලීම් රැසක් සිදුකර තිබෙන බවද ධම්මික මුණසිංහ මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අත්‍යාවශ්‍යතාවය ඉවරවුණාම මේ ගොල්ලන්ව ගෙදර යවමු. තව පැත්තක වැඩට එන්න නැතුව පඩි ගන්නවා මේ ගොල්ලෝ වැඩි පඩි ඉල්ලනවා..
මොකටද? ගෙදර හිටියටද?
දොස්තර ගොල්ලන්ට ඉල්ලන්නෙම නැතුව දීලා දෙබරෙට ගල් ගසාගත්තා නම් මොනවා කරන්නද? දෙන එකයි ඇත්තේ...
අනිවාර්යයෙන්ම ඉල්ලන්න. රුපියල් බිලියන 3.7ක වාහන ගන්න සල්ලි තිබෙනවා නම් දීමනාව දෙන්න බැරි නෑනේ.... අනිත් එක් දොස්තරලාට දෙනවා නම් මෙයාලටත් දෙන්න ඕනෑ...