IMG-LOGO

රාජ්‍ය ප්‍රසම්පාදන නීතිය කෙටුම්පත් කරන්න කැබිනට් අනුමැතිය

 

(අංජුල මහික වීරරත්න)

රාජ්‍ය ප්‍රසම්පාදනය සඳහා වන නීතිය කෙටුම්පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල අනුව, ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව විසින් ආසියානු සංවර්ධන බැංකුවේ අනුග්‍රහය ඇතිව රාජ්‍ය ප්‍රසම්පාදනය සඳහා වන නීතිය කෙටුම්පත් කිරීම සඳහා ජාත්‍යන්තර උපදේශකයෙකුගේ සහ දේශීය උපදේශකවරුන් දෙදෙනෙකුගේ සේවය ලබා ගෙන ඇත. 

ඔවුන් විසින් පිළියෙල කරන ලද මූලික කෙටුම්පත ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව විසින් විදේශීය නියෝජිතායතන, අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු ප්‍රධානීන්, රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු සියලු පාර්ශ්වයන්ගේ අදහස් හා යෝජනා ලබාගෙන තව දුරටත් වැඩි දියුණු කිරීමට පියවර ගෙන ඇත. 

ඒ අනුව, එකී කෙටුම්පත මත පදනම්ව රාජ්‍ය ප්‍රසම්පාදනය සඳහා වන නීතිය කෙටුම්පත් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස  ජනාධිපතිවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (1)

රාජ්‍ය ප්‍රසම්පාදන නීතිය කෙටුම්පත් කරන්න කැබිනට් අනුමැතිය

ලුම්බිණි Wednesday, 25 June 2025 05:06 PM

මේ මොකද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 24 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 163 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2273 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

Our Group Site