රාජ්‍ය ආයතනවල සභාපතිවරුන් සඳහා නව වැටුප් ව්‍යුහයක් හඳුන්වාදීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව එම තනතුරුවලට මෙතෙක් ගෙවූ ඉහළ වැටුප් සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වනු ඇතැයි රජයේ ආරංචිමාර්ගවලින් පැවසේ.
රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු ආයතනවල සභාපති, අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු ඉහළ තනතුරු සඳහා මෙතෙක් සීමාව ඉක්මවා ඉහළ වැටුප් ගෙවා ඇති බව පෙනී ගොස් තිබේ.
රාජ්‍ය ආයතනවල ඉහළ තනතුරුවලට පුද්ගලයන් පත් කිරීම බොහෝ විට දේශපාලන හිතවත්කම් මත සිදු කෙරෙන අතර, එලෙස පත්වූ ඇතැම් නිලධාරීන්ට ඉහළ වැටුප් සහ වෙනත් දීමනා හිමිවී ඇති බව හෙළිවී ඇත.
මෙවැනි ඉහළ වැටුප් ලැබූ රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ වැටුප් අඩු කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනටමත් පියවර ගෙන ඇති අතර, ඒ අනුව ටෙලිකොම් ආයතනයේ සභාපතිවරයාගේ වැටුප රුපියල් 2,50,000 දක්වා අඩු කර ඇත.
රාජ්‍ය ආයතනවල ඉහළ තනතුරුවලට සුදුසුකම්ලත් පුද්ගලයින් පමණක් පත්කිරීමට නව ආණ්ඩුව තීරණය කර ඇති අතර, එම තනතුරුවලට පත් කෙරෙන පුද්ගලයන්ගේ සුදුසුකම් පරීක්ෂා කිරීමට ජනාධිපතිවරයා විසින් විශේෂ කමිටුවක් ද පත් කර ඇත.
එම කමිටුවේ නිර්දේශය අනුව මේ වන විටත් රාජ්‍ය ආයතන කීපයක ප්‍රධානීන් පත්කරනු ලැබ ඇත.
ඩේලිමිරර්
055
COMMENTS
විනිසුරුවන් ගැන කුමක් කිව හැකිද ? ඔව්න්ටද පසුගිය රජය විසින් 400% ක දීමනා වැඩි කිරීමක් ලබා දෙන ලදී. සියලුම විනිශ්චයන් ඔවුන්ගේ මනකල්පිතයන්ට ලබා දී ඇති බව සහතික කිරීම සඳහා සමහර ඒවා වෙනත් ප්‍රතිලාභවලට අමතරව මිලියනයකට ආසන්න වේ. ශ්‍රී ලංකාවේ විනිශ්චයකරුවෙකු වීමට ඔබට අවශ්‍ය විශේෂ සුදුසුකම කුමක්ද?
හෙන්චයියලාට ගාන හොයන්න බැරි උනාහම ඉබේම හැලෙනවා. හැබැයි ඉතින් දේශපාලුවන්ට ගොට්ට අල්ලන්න ඉන්න කට්ටියත් ඒ එක්කම හැලෙනවා. අනේ සාදු !! සාදු !!. වැඩක් කරන්න පුළුවන් දක්ෂයින්ගෙන් ආයතනයක් පාලනය වෙනවානම් පොඩි පුටු නිකම්ම රත්වෙනවා. දැනට තියෙන්නේ ලොකු පුටුවල හෙන්චයියලා ඉන්න හින්දා පොඩි පුටු සිතල වෙලා. වැඩ බැරිනම් ගෙදර යන්න තියරිය තමයි ලංකාවට ඔබින්නේ. නැතිනම් ඉතින් ලංකාව යන්නේ අගාධයට මිස දියුණුවට නොවේ.
ඉතාම හොඳ තීරණයක්. වැටුප් අඩුවෙන කොට මොවුන් උත්සාහ කරනවා අනිකුත් වරප්‍රසාද වැඩිකරගන්න. ඉන්ධන දීමනා, සංග්‍රහ දීමනා ආදී වශයෙන්. ඒවත් සොයා බලා සාධාරණ මට්ටමකට ගෙනාවොත් මේ වැඩේ හරියටම හරි යයි.