IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


රහස් පොලිස් ලොක්කාට මාරුවක්

රහස් පොලිසිය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි සබරගමුව සහ ඌව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස ස්ථාන මාරු කර ඇතැයි පොලිසිය කියයි.

මැතිවරණ සමයේ රාජ්‍ය සේවක ස්ථානමාරු තහනම් වුවත් මැතිවරණ කොමසාරිස්ගේ අවසරය ඇතිව මේ ස්ථාන මාරුව කළ බව පොලිසිය සඳහන් කරයි.

මැතිවරණ කොමසාරිස්ගේ අවසරය ගෙන තිබෙන බව කීවද මැතිවරණය ආරම්භ වීමත් සමග උසස් පොලිස් නිලධාරියකු ස්ථාන මාරු කිරීම වැරදි පූර්වාදර්ශයක් බව මැතිවරණ නිරීක්ෂකයෝ කියති.

හිටපු ජනපතිගේ පවුලේ උදවිය ඇතුළු පසුගිය රජයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසකට එරෙහිව රහස් පොලිසිය විමර්ශන කිහිපියක් ආරම්භ කර තිබේ.



අදහස් (0)

රහස් පොලිස් ලොක්කාට මාරුවක්

දීපාල් නිරෝෂ් Saturday, 25 July 2015 04:08 PM

බලය තියනකොට කොයි කවුරුත් එකවගෙයි කියලා දැන් හිතෙනවා (නි)

:       0       0

මුදියන්සේ Saturday, 25 July 2015 07:42 AM

අනුමානයක් නැහැ මේක සුදු වෑන් පරීක්ෂණය යට ගහන්න කරපු මගඩියක්. (ස)

:       0       0

ජෙරාඩ් Saturday, 25 July 2015 09:29 AM

මැතිවරණයක් කැඳවල තියෙද්දී මාරුවීම් කරන්න බැරිනම් මැතිවරණ කොමසාරිස් ඒවා අනුමත කරන්නේ මොකටද? ඔය සති තුන ඉන්න බැරි හරියට ලංකාවේ පොලිසිය ලෝකේ අල්ලන්න වගේ. (ස)

:       0       0

විජේසුන්දෙර ප්‍රංශය Saturday, 25 July 2015 10:11 AM

අගමැතිතුමා කිව්වා වගේ මේකත් එතුමාගේ අර ආණ්ඩු පෙරලීමේ ඇමරිකන් ඩිප්ලෝමා එකේ කොටසක් වෙන්න ඇති ! (ස)

:       0       0

විජේසුන්දෙර ප්‍රංශය Saturday, 25 July 2015 10:18 AM

මොවුන් මේ ඡන්දය දිනන්න ජඩ වැඩ, මර්දනය, නීති විරෝදී ක්‍රියා, වගේම පරදේශ න්‍යායන් උපරිමයෙන් ක්‍රියාත්මක කරන බව පේනවා. ඔවුන් හිතන් ඉන්නේ ජනතාව නිදි කියල! (ස)

:       0       0

සත්‍යයා Saturday, 25 July 2015 10:20 PM

මේක විහිළුවකට ගන්න දෙයක් නොවෙයි. දැන්වත් ජනාධිපතිතුමා පොලිසිය තමන් භාරයට ගතයුතුයි කියලා හිතෙනවා (නි)

:       0       0

අමාරිස් Saturday, 25 July 2015 12:00 PM

ගමට මාරුවක් හදා ගන්න ඕන නම් යම්කිසි වරදක් කල යුතුය. (ස)

:       0       0

සාගර Saturday, 25 July 2015 03:55 AM

යහපාලනයෙන් මෙහෙම මාරු කලාම එ්ක වරදක් නෙවෙයි (නදී)

:       0       0

සත්‍යපාල Saturday, 25 July 2015 11:36 PM

දැන් ඉතින් මේකටත් සමහරු කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරාවි. (නි)

:       0       0

ධම්ම Saturday, 25 July 2015 04:44 AM

මේකට තමයි යහපාලනය කියන්නේ. (නදී)

:       0       0

සේන Saturday, 25 July 2015 05:18 AM

පොලිස් ලොක්කා හොරු ආරක්ෂා කරන්න හදනවා වගෙයි (නදී)

:       0       0

දුමින්ද Saturday, 25 July 2015 05:31 AM

පරණ අරක්කු අළුත් බෝතල්වල (නදී)

:       0       0

ලංකා Saturday, 25 July 2015 01:57 PM

යහපාලන වැඩක් නේද? මිරිහානේ එකත් යට ගහන්න හැකිනේ. අැයි දන්නේ නැද්ද නාම යෝජනා දුන්නට පසු රැකියා මාරුවීම් කොපමණද දන්නවද ?(නදී)

:       0       0

රසික Saturday, 25 July 2015 06:00 AM

මාරු කරනවා ඇත්තේ ඔය පළාතේ දූෂණ හොයන්න වෙන්න පුළුවන්. ඇයි මේ කට්ටිය කලබල වෙලා? ඒවා පොලීසිය බලාගනී අපි අපේ පාඩුවේ වැඩක් බලාගමු. හැම එකටම හොට දාන්නේ නැතුව. (ස)

:       0       0

සෞදි රොහාන් Saturday, 25 July 2015 06:12 AM

දුමින්ද අළුත් බෝතල්වල දැම්මත් පරණ අරක්කු නිසා හොඳට වදිනවා. (ස)

:       0       0

නිහාල් Saturday, 25 July 2015 06:12 AM

මිරිහාන කේස් එකත් රහස් පොලීසියට බාරදීල නේද තියෙන්නේ. (ස)

:       0       0

ලෝරන්ස් Sunday, 26 July 2015 04:01 AM

මැතිවරණයක් කැඳවල තියෙද්දී මාරුවීම් (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 176 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 155 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site