ත්‍රිවිද හමුදා ගිනි නිවන ඒකකය ගින්න නිවීමට පියවර ගන්නා අතර අවට ප්‍රදේශවල ගිනි නිවන හමුදා සහායට පිටත්ව ගොස් ඇත. අවට සියලුම රෝහල් සූදානමින් තබා ඇති බව රෝහල් ආරංචි කියයි.
අවට වැසියෝ දරුමල්ලන් රැගෙන ත්‍රී රෝද රථ පාපැදි යතුරුපැදි හා තම වාහන වලින් කොස්ගමින් ඉවත් වෙමින් සිටිති. ඇතැම්හු කැලණි ගඟ ලඟට ගොස් ඔරු පාරු වලින් පිටත් වූහ.
කොස්ගම අවි ගබඩාවේ පිපිරුම් හඬ කිලෝමීටර් 50 කට වඩා දුරු දැරණියගල නූරිය වත්තට 7.30 ට පමණ ඇසුණ බව දැරණියගල ලංකාදීප මාධ්‍යවේදීනී රංජනී සෝමචන්ද්‍ර කියයි
'කඳු අතරින් අපට කොස්ගම පැත්ත පේනවා. ඒ පැත්තම කලු දුමකින් වැහිලා වගෙයි' ඇය කීවාය.
ජායාරූප - බුද්ධික කුමාරසිංහ
ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ

















COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.