IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


රෝහල් ලෙඩ කළ වැඩවර්ජනයට තහංචි

වැටුප් විෂමතා ඉවත් කිරීම,රුපියල් දහදාහක රාජකාරී බාධා හා ප්‍රවාහන  දීමනාවන්  ලබා ගැනීම  ඇතුළු  ඉල්ලීම් හයකට  විසදුම් ඉල්ලා හෙද පරිපුරක අතුරු වෛද්‍ය සේවකයන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය විසින් අද (27) පැවැත්වු  හා හෙට පැවැත්වීමට නියමිතව තිබු  දීප ව්‍යාප්ත වැඩ වර්ජනය  වලකාලමින්  කොළඹ දිසා විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා අද (27) වාරණ නියෝගයක් නිකුත් කළේය.

මෙම නියෝගය දින 14 ක කාලයක් බලපාන පරිදි  නිකුත් කැර ඇති අතර මෙය ගොනු කරනු ලැබුයේ හෘද රෝගියකු ගොනු කළ  පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුවය

උදෑසන වැඩවර්ජනය ඇරැඹිමත් සමග  රෝහල් සේවා ද අඩපණ විය.කොළඹ ජාතික රෝහලෙන් ප්‍රතිකාර ගැනීම සදහා පැමිණෙන පිරිසට රෝහල් නිර්දේශ මත ඔසු සල් මගින් නොමිලේ  බෙහෙත් නිකුත් කළේය.



අදහස් (0)

රෝහල් ලෙඩ කළ වැඩවර්ජනයට තහංචි

විරාජ් කාලිංග Wednesday, 27 November 2013 09:44 PM

වැඩ වර්ජන නතර වෙන්න ඕනෑ මුළු ලංකාවේම හැම ක්ෂේත්‍රයකම. රටේ අාර්ථියකයට තමයි මේවා බලපාන්නේ. (නි)

:       0       0

සන්ධ්‍යා Wednesday, 27 November 2013 10:33 PM

පොඩි මිනිහට තමයි මේ හැමදෙයින්ම කරදර (නි)

:       0       0

ජගත් Wednesday, 27 November 2013 11:17 PM

කවුරු මොනවා කිවුවත් හෙද නිලධාරීන් වෙන මහන්සිය කවුරුවත් හරියට දන්නේ නැහැ (නි)

:       0       0

ඉන්දු-ලන්ඩන් Wednesday, 27 November 2013 11:52 PM

අනේ පවු අසරණ මිනිස්සු. සල්ලි තිබෙන අයට නෙමෙයි මේකෙන් කරදර වෙන්නේ. වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන්න ඕනෑ තමයි.අත්‍යාවශ්‍ය සේවා කරන අය මීට වඩා රටේ මිනිස්සු ගැන හිතන්න ඕනෑ. (නි)

:       0       0

උපාලි Thursday, 28 November 2013 04:17 AM

දැන් මොකද කරන්නේ? අධිකරණ නියෝගයටත් එරෙහි වෙනවද? වර්ජනය අත්හිටවනවද? උභතෝකෝටික ප්‍රශ්න කියන්නේ ඔන්න ඕවටයි. (නි)

:       0       0

මගරි Thursday, 28 November 2013 04:45 PM

මාගේ පුද්ගලික අදහස නම් අපි වර්ජනය කරන්නේ මොකටද ඒ රස්සාව හොඳ නැතිනම් හොඳ වැටුප් ගෙවන රක්සාවකට යන්න නේ තියෙන්නේ. අනෙක් අතට රජය සෞඛ්‍ය සේවාව නොකඩවා පවත්වා ගනිමින් මහජනතාවගේ මුලික මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කල යුතුය. (ස)

:       0       0

නිමල් ලලිතා Thursday, 28 November 2013 09:08 AM

මැද පන්තියේ නැතිනම් මැද මට්ටමේ හිඟන රජයේ සේවකයාට හරි වැටුපක් නොදෙමින්, විශ්‍රාමිකයාගේ හිඟ වැටුප නොගෙවමින්, ඓස්චර්යයට දේශපාලකයෝ සහ ඔවුන්ගේ ගැත්තන් පමණක් යමින් මගුල් කනකොට වර්ජනය නොකර මොකද කරන්නේ. (නදී)

:       0       0

ගැමී Thursday, 28 November 2013 09:14 AM

වර්ජනය නොකර ඉල්ලීම් දිනාගන්නේ කොහොමද .(නදී)

:       0       0

නෆීල් Thursday, 28 November 2013 11:43 AM

සෞඛ්‍ය අත්‍යාවශ්‍ය සේවයක්. (ස)

:       0       0

විරාජ් කාලිංග Wednesday, 27 November 2013 09:35 PM

වැඩ වර්ජන කළවිට රෝගීන් අපහසුතාවයට පත් වෙනවා තමයි, හැබැයි එය වෘත්තිය අයිතියක්, එහෙම නොවෙන තත්වයට රජය වගබලා ගන්න ඕනෑ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 648 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 313 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site