IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


රෝහලක මුල්ම පාසල බොරැල්ලේ

කොළඹ බොරැල්ලේ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දීර්ඝ කාලීනව නේවාසික ප්‍රතිකාර ලබන දූ දරුවන්ගේ අධ්‍යාපනය දිරි ගැන්වීමේ අරමුණින් ප්‍රාථමික පුහුණු ගුරුවරු කිහිප දෙනකු අද(24) එම රෝහලට අනුයුක්ත කරනු ලැබූහ.

රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රත්නසිරි හේවගේ මහතාගේ අදහසක් අනුව සෞඛ්‍ය අමාත්‍යංශයත්, අධ්‍යාපන අමාත්‍යංශයත් එක්ව මෙම ගුරුවරුන්ගේ සේවය ලබාගෙන ඇත.

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වරකට රෝගී දරුවන් 900-1000 පමණ රෝහලේ ප්‍රතිකාර ලබයි.

ඇතැම් සිසුන් මාස දෙක තුන රෝහලේ ගත කරන නිසා ඔවුන්ගේ පසු බෑමක් ඇති නොවීම සඳහා මේ පියවර ගන්නා බව දොස්තර හේවගේ පැවසීය.

අධ්‍යාපන අමාත්‍ය බන්ධුල ගුණවර්ධන, සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන, ළමා මනෝ රෝග පිළිබඳ විශේෂඥ මහාචාර්ය හේමමාලි පෙරේරා මහත්මිය ද ඇතුළු රෝහලේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරු ද රෝහල් කාර්ය මණ්ඩලයද මේ යෝජනාවට සහාය දැක්වූහ.



අදහස් (0)

රෝහලක මුල්ම පාසල බොරැල්ලේ

උපාලි Wednesday, 01 May 2013 07:38 AM

අර පහුගිය ටිකේ 7500 කින් ජීවත් වෙන හැටියි විභාග ප්‍රතිපල ගැනයි එහෙම කියන්න ගිහින් ගාගත්තු මඩ කන්දරාව හෝදගන්න පුළුවන් ඔය වගේ තව වැඩ දෙක තුනක් කලොත්. (නදී)

:       0       0

අමල් Tuesday, 30 April 2013 07:10 PM

ඇත්තටම අගය කල යුතු හොද වැඩක්....(නු)

:       0       0

බබා Wednesday, 01 May 2013 08:58 AM

හාපෝ ඉස්පිරිතාලෙ ගිහිල්ලවත් බේරෙන්ට බෑ.(නදී)

:       0       0

මොහමඩ් රිස්වාන් - සව්දි අරාබිය Tuesday, 30 April 2013 07:37 PM

හොඳ වැඩක්. (නු)

:       0       0

පුබුදු මහනුවර Tuesday, 30 April 2013 07:50 PM

බන්දුල මහත්තයා හොඳ වැඩත් කරනවා පින් පින් (නු)

:       0       0

දුමින්ද Tuesday, 30 April 2013 07:50 PM

හොඳ වැඩක් ,පටන් ගත්ත වගේම නොකඩවා කරගෙන යන්න.(නු)

:       0       0

සෑම් Tuesday, 30 April 2013 07:53 PM

අනේ හරිම ශෝඅක් අපි කැමති මේවගේ වැඩ වලට තමයි..!(නු)

:       0       0

ගාමිණී සිරි Tuesday, 30 April 2013 08:10 PM

ලෙඩ්ඩු කියා තුන් වේලක්ම බෙහෙත් පෙති ගිල්වලා ලෙඩා යන වචනය දරුවන්ගේ මානසිකත්වයෙන් බැහැරකොට අධ්‍යාපනය ළමා මනස යොමු කරවීම ලෙඩ ඉක්මනින් සුවකිරීමට වටිනා ඖෂධයක් වේවි !(නු)

:       0       0

සරත් Wednesday, 01 May 2013 11:17 AM

රෝස පාට ගුරුතුමිය ගැන ටිකක් අවදානය වැඩි වගෙයිද මන්දා! (නි)

:       0       0

සරත් Wednesday, 01 May 2013 11:19 AM

අර කිව්වත් වගේ නර්ස් නෝනා මෙතන මක්කෙයි කොරනවා! (නි)

:       0       0

සමන්තා පෙරමුණ Tuesday, 30 April 2013 09:03 PM

ගොඩක් අගය කලයුතු වැඩක්.සන්තෝසයි මෙවැනි පුවත් දකින්න ලැබීම..(නු)

:       0       0

පැතුම් Tuesday, 30 April 2013 09:05 PM

අගය කළ යුතු ඉතාමත් හොද වැඩක් (නි)

:       0       0

යසින්ති Friday, 03 May 2013 10:12 PM

හෙදිය විටෙක ගුරුවරියකි. ඇය ඇයගේ විවේක කාලයේදී කරනා මෙම සේවය අපි අගය කළ යුතුය (නි)

:       0       0

විරාජ් Tuesday, 30 April 2013 09:19 PM

හොද වැඩක් කරාම කව්රුත් හොද කියනවා,දිගටම කරගෙන යන්න කියල ප්‍රර්ථනා කරනවා, වෙලාවට බෙහෙත් ටික දීල ළමයි ඉක්මනට ගෙදර යවන්නත් බලන්න,(නු)

:       0       0

පාලිත Tuesday, 30 April 2013 11:05 PM

අනේ ඔය ළමයින්ට ඕවා නැතුව බෙහෙත් කරලා ඉක්මණට ගෙදර යවන්න බලන්න (නි)

:       0       0

රංගාශානි Tuesday, 30 April 2013 11:31 PM

මමත් බොරැල්ලේ. ආඩම්බර වෙනවා. තෙරුවන් සරණ ඔබ සියලු දෙනාට ! (නි)

:       0       0

අමිල සුගන්ද Wednesday, 01 May 2013 12:04 AM

බුදුන් 3න් වරක් වැඩියා වගේ නේද ?(නදී)

:       0       0

මලිත් Wednesday, 01 May 2013 12:04 AM

බොහොම හොද වැඩක්.. මේ ඇමතිවරුන්ටත් ස්තුතියි..!(නු)

:       0       0

අමිල Wednesday, 01 May 2013 12:04 AM

ඉතාම හොද අගය කළ යුතු වැඩක්..!(නු)

:       0       0

රන්ජනී - එංගලතය Wednesday, 01 May 2013 12:12 AM

හරිම හොද වැඩක්.ළමා මනසට දිව්‍ය ඔසුවක් වේවි. (නු)

:       0       0

අනුර Wednesday, 01 May 2013 12:31 AM

අගය කිරීමක් ගොඩක් පින් (නු)

:       0       0

වීරසේලරගේ Wednesday, 01 May 2013 01:10 AM

දරුවන්ට අධ්‍යාපනය අනිවාර්යයෙන්ම ඕනේ.(නු)

:       0       0

කමල් Wednesday, 01 May 2013 02:29 AM

දරුවන්ගේ මනස හොදින් තේරුම්ගත් කෙනෙක් කරන හොද වැඩක් (නි)

:       0       0

චිත්‍ර Wednesday, 01 May 2013 02:36 AM

උතුම් දෙයක් ආරම්භ කළාට ගොඩක් ස්තුති කරනවා. මගදී නතර කරන්න එපා. (නි)

:       0       0

ඩීන් Wednesday, 01 May 2013 02:52 AM

රෝස පාටට ගොඩක් සැලකිලි වගේ ! (නි)

:       0       0

බමුණුසිංහ Wednesday, 01 May 2013 04:10 AM

ගුරුවරු මෙතන උගන්වනවා හරි කියමුකෝ. නර්ස් නෝනා මෙතන මක්කැයි කොරනවා? (නි)

:       0       0

ජ.හේරත් Wednesday, 01 May 2013 06:19 AM

විප්ලවීය වෙනසක් , දියුණු රට වල මේ වහේ වැඩ සටහන් දියත් කරනවා රෝගීන්ගේ මානසික ඒකාග්‍රතාවය සමබර කරන්න. විශේෂයෙන් භාවනා පන්ති වගේ. කොහොම වුණත් දොස්තර මහතාගේ හොද හිතට මගේ උත්තමාචාරය! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 4 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 115 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site