IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


රස්සාවයි පරස්ථාවයි එකම දවසේ

(චන්ද්‍රසේන ගමගේ)

හම්බන්තොට දිස්ත්‍රික්කයේ උපාධිධාරීන් 375 දෙනකුට ගුරු පත්වීම් ලබා දීමේ උත්සවය දකුණු ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් තංගල්ල නගර ශාලා ශ්‍රවනාගාරයේදී අද පැවැත්වුණු අවස්ථාවේ මනමාලියක ද පැමිණ තම ගුරු පත්වීමට අදාළ ලිපිය ආණ්ඩුකාරවරයා අතින් ලබා ගැනීම විශේෂත්වයක් විය.

අම්බලන්තොට ප්‍රදේශයේ දිලිණි මධුෂිකා නම් මනාලිය මෙලෙස ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අතින් තම පත්වීම ලබා ගත්තාය.

දිලිනි මදුෂිකා පැවැසුවේ තමන් මනාලියක වූ දිනයේම තමන්ට ගුරු පත්වීමක් ලැබීම ඉතාමත් සතුටු ගෙන දෙන අමතක නොවන සිද්ධියක් බවයි. තම මවුපියන් ද තමන්ට අධ්‍යාපනය ලබා දුන් ගුරුවරුන් ද මෙහිදී සිහිපත් කරන බව ඇය පැවැසුවාය.

 

 



අදහස් (4)

රස්සාවයි පරස්ථාවයි එකම දවසේ

chandima Thursday, 30 May 2024 11:44 PM

අලුත් ආණ්ඩුවක් ආවම උත්සවයට ගිය සල්ලි ආණ්ඩුකාරයන්ගෙන් අයකරගන්නා පුළුවන් වෙයි නේද ?

:       8       2

Nandalal DE SILVA - France Friday, 31 May 2024 03:39 AM

දිලිනි මදුශිකාගේ ජීවිතයේ වැදගත්ම අවස්ථා දෙකක් එකම දිනයේදී ඇයට ලැබීම තරම් වාසනාවක් මේ රටේ හැම යුවතියකටම ලැබෙන්නේ නැහැ .දිලිනිට අපේ සුභ පැතුම් .වාසනාවන්ත යුග දිවියක්

:       0       20

CHINTHANA Friday, 31 May 2024 10:05 AM

පත්වීම ගන්නු ආපු නිසා චාරිත්‍ර නැකැත් වලට කරගන්න බැරිවෙන්න ඇති. චාරිත්‍රවලට වඩා රස්සාව වැදගත් නිසා අය වඩා වැදගත් උත්සව වලට පැමිණ ඇත.

:       0       4

Richman sisiranath Friday, 31 May 2024 11:39 AM

එතුමියට පත්වීම ලැබීම ගැන අප්‍රමාණ සතුටක් ලබමි. හැබැයි, ඒක එතුමියට ලැබුණේ සුදුසුකම් තිබුණු නිසාද, නැත්නම් ඔය වටේ ඉන්න අයගේ පක්ෂයට ගැතිකම් කරපු නිසාද දන්නෑ. මේවා දෙන අයගේ අම්මගේ, අප්පාගේ බූදලෙන් දෙන ඒවා නොවෙයි.

:       6       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 498 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site