IMG-LOGO

රුසියා හිතවාදිහු රුසියාවට එරෙහි වෙති

රුසියාව සමග එක්ව යුක්රේනයට එරෙහිව සටන් වැදුණු  වැග්නර් කුලී හමුදාවෝ රුසියාවට එරෙහිව යුද්දයකට සැරසෙති.

වැග්නර් කුලි යුද සේනාංක මොස්කව් නගරයේ සිට කිලෝමීටර් 1,100ක් දකුණින් පිහිටි රොස්තව් - ඔන් - දොන් නගරයට යුක්‍රේනයේ සිට රුසියානු දේශ සීමා හරහා ඇතුළු වී ඇත.

වැන්ගර් කුලී සේනාංක යනුවෙන් හඳුන්වන්නේ යුක්‍රේනය තුළ රුසියානු හමුව සමග එක්ව  මෙහෙයුම්වලට එක් වූ කුලී යුද සේනාංකයකි.

වැන්ගර් කුලී හමුදාව රුසියාව තුළ කැරැල්ලක් ආරම්භ කරන බව ප්‍රකාශ කිරීමත් සමග රුසියාවේ ආරක්ෂාව තර කළේය. මොස්කව් ඇතුළු නගර කිහිපයක රුසියානු බලධාරීහු පියවර ගත් බව විදෙස් ප්‍රවෘත්තා වාර්තා කරයි. 

කෙසේවෙතත් එම නගර වැසියන්ට නිවෙස්වලට වී සිටින ලෙස රුසියානු බලධාරීන් උපදෙස් ලබාදී ඇත.

එම සේනාංක රුසියාවට එරෙහිව යාමත් සමග ජාතිය අමතමින් රුසියාව දැන් පාවා දීමකට මුහුණ දී සිටින බව  ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප්‍රකාශ කළේය.

" අපි දැන් මුහුණ දී සිටින්නේ පාවාදීමකට. අප මේ මොහොතේ නිර්භීතව කටයුතු කරමු කියා මා බලධාරීන්ගෙන් සහ වැසියන්ගෙන් ඉල්ලා සිටිනවා.  අපි මේ සටන් කරන්නේ අපේ මිනිසුන් වෙනුවෙන්.

අපේම වැසියන්ගේ අනාගතය වෙනුවෙන් කරන මෙම සටනේදී හැමෝද එක්විය යුතුයි. ජාතියක් ලෙස අපිට මෙය  තර්ජනයක්.

මෙම කැරැල්ලෙන් රට ආරක්ෂා කරගැනීමේදී අප දැඩි පියවර අනුගමනය කරන්නවා. කැරලි කරුවන්ට දැඩි දඬුවම් දෙන බව ද පුටින් ජාතිය අමතමින් කියා සිටියේය.

වැග්නර් ග්‍රහණයට නතුවූ රස්තොව් ඔන් දොන්  නගරයට රුසියානු සේනාංක සහ පුටින් හිතවාදී චෙක්චන්ස් හමුදා ළඟා වෙමින් සිටින බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

 



අදහස් (1)

රුසියා හිතවාදිහු රුසියාවට එරෙහි වෙති

පැරකුම් Sunday, 25 June 2023 02:38 AM

කල කල දේ... ඵල ඵල දේ කිව්වෙ නිකං කට කහනවාට නොවේ…!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 519 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 698 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 283 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site