IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


රුසියාව අඩියක් පස්සට තබයි

 

රුසියානු - යුක්රේන දේශසීමාවේ රඳවා සිටි රුසියානු හමුදාවෙන් කොටසක් ඉවත් කරගන්නා බව රුසියානු ආරක්ෂක අමාත්‍යංශය මිට සුළු වේලාවකට පෙර නිවේදනයක් නිකුත් කරමින් ප‍්‍රකාශ කළේය.

යුක්රේන දේශසිමා අසල සිටි සොල්දාදුවන්ගෙන් කොටසක් දුම්රිය සහ ට‍්‍රක්රථ මගින් තමන් අයිති හමුදා කඳවුරු වෙත යැවීම ආරම්භ කර ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

රුසියානු ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය ප‍්‍රකාශක රුපවාහිනී මාධ්‍ය මගින් ප‍්‍රකාශයක් නිකුත් කරමින් පැවසුවේ

”දකුණු සහ බටහිර හමුදා දිස්ත‍්‍රික්කවල සිටින හමුදා භට‍ෙන් ඒ ගොල්ලන්ගේ රාජකාරි අවසන් වී ඇති නිසා දුම්රිය සහ වාහන මගින් අද දින තමන් අයිති හමුදා කඳවුර වෙත පිටත් වීම ආරම්භ කරනවා,දැනට පවත්වා ගෙන යන යුද අභ්‍යාස ඒ විදිහට ම පවත්වා ගෙන යනවා යුද අභ්‍යාස අවසන් වූ වහාම එම හමුදා භටයනුත් තමන් අයිති සේනාංකය වෙත පිටත් වේවි”

මෙම සුභ ලකුණ රුසියා-යුක්රේන ගැටළුව රාජ තාන්ත‍්‍රික විසදුමකින් අවසන් වේ යැයි සිතීමට තරම් ප‍්‍රමාණවත් බව විශ්ලේෂකයෝ පෙන්වා දුන්හ.

(විමුක්ති එස් රුද්රිගු රොයිටර්ස් ඇසුරිනි)

 

 



අදහස් (3)

රුසියාව අඩියක් පස්සට තබයි

දර්ශන Tuesday, 15 February 2022 04:25 PM

අඩියක් පස්සට ගත්තා කියන්නේ මොකක්ද? යුක්රේන දේශසීමාවේ තිබුණු රුසියානු සහ බෙලෝරුසියානු යුද අභ්‍යාසය ඉවරවෙලා හමුදාව කලින් තිබුණු තැන්වලට ස්ථානගත කරලා... රුසියාව යුද්ධයක් ගැන කිව්වේ නෑ. ඇමෙරිකාව, එංගලන්තය, නේටෝ, යුක්රේනය සහ බටහිර මාධ්‍ය තමයි යුද්ධයක් ගැන කිව්වේ...!!! 

:       19       150

NissankaWednesday, 16 February 2022 10:06 AM

ලෝකය ගැන අවබෝධයක් තියෙන ලංකාවෙ මනුස්සයෙක් දැක්කමයි. ඔබ ගැන සන් ‍තෝසයි. ඇත්තටම ඔය මාධ්‍ය නාඩගම ඇමරිකාවයි, බ්‍රිතාන්‍යයයි තමයි කරගෙන ගියේ. කොහොම වුනත් දැනට යුරෝපේ බලවතා වන ප්‍රංශය මේ වෙලාවේ කැත්තට පොල්ල වගේ ඉන්නෙ නැතුව, ඇවුලුනු ගින්න නිවන්න ගත්ත උත්සාහය අගය කරන්න ඕන.

:       0       0

බිංදු Friday, 18 February 2022 03:20 PM

මේ පුටින් පිස්සු කෙලිනවා. ගහනවා නම් ගහන්න ඕනේ. ලෝකේ හිනස්සන වැඩ කරන්න එපා කියන්න...

:       3       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 661 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site