IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


රුසියාවෙන් ලංකාවට පොහොර ඉල්ලමක්

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය යුරියා හා MOP පොහොර ලබා ගැනීම පහසු කර ගැනීමට රුසියා රජයේ සහයෝගය ලබා දීමට එකඟත්වය පළ වූ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

ශ්‍රී ලංකාව හා රුසියාව අතර පවතින ද්විපාර්ශ්වික සහයෝගිතාවය මත හා දෙරට අතර පවතින මිත්‍රත්වය තහවුරු කරන පරිදි මෙම යුරියා හා MOP පොහොර ලබා දීමේ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීමට එකඟත්වය පළ කර ඇත.

ශ්‍රී ලංකාවේ රුසියා තානාපති රුසියානු තානාපති ලෙවාන් එස් සැගැරින් මහතා හා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතර කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවති සාකච්ඡාවකදී මෙම එකඟතාවය පළ වී තිබේ.

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය යුරියා හා MOP පොහොර සැපයීමේ වැඩ පිළිවෙළ කඩිනමින් ආරම්භ කිරීම සඳහා  කටයුතු කඩිනමින් ආරම්භ කරන බව ද මෙහිදී රුසියානු තානාපතිවරයා සඳහන් කළේය.

මෙහිදී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට කීවෙි  මෙම කටයුතු ලබන මහ කන්නය ආරම්භයට පෙර අවසන් කිරීමටත්, ලබන මහ කන්නයේ දී යුරියා හා MOP පොහොර ගොවීන්ට ලබා දීමේ වැඩ පිළිවෙළ සාර්ථක කර ගැනීම ඉලක්ක කර ගනිමින් වැඩ කටයුතු ආරම්භ කරන ලෙසත්ය.

මෙම සාකච්ඡාවට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ, කෘෂිකර්ම  දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මාලතී පරසුරාමන් යන මහත්ම මහත්මීහු මෙන්ම රජයේ   පොහොර සමාගම් දෙකේ සභාපතිවරු ද සහභාගී වී සිටියහ.



අදහස් (5)

රුසියාවෙන් ලංකාවට පොහොර ඉල්ලමක්

CC Thursday, 04 May 2023 11:54 AM

අප රටේ තෙල් පිරි පහදුව ආශ්‍රය කර ගෙන ඛණිජ තෙල් අතුරු නිෂ්පාදනයක් ලෙස යූරියා පොහෙරෙ නිපදවීමේ කර්මාන්ත ශාලාවක් තිබුනා එයින් කෘෂිකාර්මික රටක් වන අපට අවශ්‍ය යූරියා පොහොර ප්‍රමාණය එකල මාස 06 කදී නිපදවීමට හැකි උනා ඉතිරි හය මස පොහොර නිපදවූවේ නැහැ සේවකයන්ට වැටුපෙන් 75% ගෙවලා නිෂ්පාදන කටයුතු සීමා වුනා අද අප රටට මෙම කම්හල තිබුනා නම් අපි කෘෂිකර්මාන්තයේ විප්ලවයක් කරන්න තිබුනා ඔය මහලොකු දැක්මක් ඇති අනාගත පරපුරට රටේ අනාගතය හදනවා යැයි පුරසාරම් දොඩන රනිල් මෙය විකුණා දැමුවා ඊට පස්සේ රටට අවශ්‍ය පොහොර ආනයනය කලා මොනතරම් අධූරදර්ශී නායයන්ද මොවුන්,අපේ රටේ කෘෂිකර්මයට කොතරම් ඉහල විභවතාවයක් තිබේද මෙම පාලකයන් කටයුතු කලේ රට අනාථවන තමන් හා තම ගජමිතුරන් ගොඩයන ආර්ථික ක්‍රමයක් තුළ මිසක් රටේ දරුවන්ට අනාගතයක් හදන්න නොවේ. ඉදිරියටත් එය වෙනස් කරන පාටක් පෙනෙන්න නැත.

:       4       39

Upali Somasinghe Friday, 05 May 2023 07:25 AM

එයට පසු එම ස්ථානයේ කාබනික පොහොර නිපදවීමට කටයුතු කරන ලද බව අමතකද?

:       0       0

ravin Friday, 05 May 2023 07:40 AM

මගේ දැනුමේ හැටියට සපුගස්කන්ද යූරියා හදන කම්හල අපිට පරිත්‍යාගයක් ලෙස හදලා දුන්නෙත් රුසියාවම තමා. කරුණාකර වැරදි නම් නිවැරදි කරන්න.

:       0       0

chandima Thursday, 04 May 2023 07:59 PM

අපේ අයට මිත්‍රත්වය මතක් වෙන්නේ ණය ඉල්ලන්න ගියාමනේ.? අනික් වේලාවට පස්සේ යනවා.. සමහරවිට පෝර දෙන්නේ අපේ මිනිස්සු ගැන දුක හිතිලා වෙන්න ඇති... නැතුව රනිල්ට සලකලා නම් වෙන්න බැහැ...

:       0       0

සමන් විමල් Thursday, 04 May 2023 08:05 PM

ගෝඨාභයගේ කාලේ මුදල් ඇමැති ලෙස සිටි රනිල්, එකල රුසියාවෙන් පොහොර ආනයනය කරන්නට අවසර ලබා නොදී පොහොර ප්‍රශ්නය උග්‍ර වෙන්නට කටයුතු සැලැස්සුවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 504 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 261 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site