IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


රුසියන් නියමුවන්ට වීර පදක්කම්

ඇමරිකාවට අයත් ‘රීපර්’ වර්ගයේ ඔත්තු නිරීක්ෂණ ඩ්‍රෝන යානයක් බිම හෙලූ ‘එස් යූ 27’ වර්ගයේ රුසියන් ප්‍රහාරක ජෙට් යානා නියමුවන් දෙදෙනාට එරට ආරෙක්ෂක අමත්‍යාංශය වීර පදක්කම් පිරි නමා තිබේ.

පසුගිය දා ‘රීපර්’ ඩ්‍රෝන යානය කළු මුහුදට ඉහළින් පියාසර කරද්දී, රුසියන් ගුවන් හමුදාවට අයත් ‘එස් යූ 27’ ප්‍රහාරක යානා ඊට ඉහළින් පියාසර කරමින්, එම ජෙට් යානාවල ඉන්ධන ඩ්‍රෝන යානයට හැලෙන්න ඉඩ හැර තිබේ.

‘රීපර්’ ඩ්‍රෝන යානය කළු මුහුදට කඩා වැටීම සිදුවූයේ ඉන්පසුවය. ඩ්‍රෝන යානයේ සුන්බුන් සොයා ගැනීම පවා ඇමරිකාවට ගැටලුවක් වී ඇත. හේතුව එම මුහුදු කලාපයේ රුසියන් යුද නැව් සැරිසැරීම නිසාය.

රුසියාව චෝදනා කරන්නේ ඩ්‍රෝන යානය ඔත්තු බැලීමට ආ බවය. ඇමරිකාව පවසන්නේ, රුසියන් ප්‍රහාරක ජෙට් යානා, තම ඩ්‍රෝන යානය වට කළේ අන්තර් ජාතික මුහුදු සීමාවට ඉහළින් පියාසර කරද්දී බවය.

(රොයිටර්)



අදහස් (3)

රුසියන් නියමුවන්ට වීර පදක්කම්

ජගත් ලියනගේ Sunday, 19 March 2023 06:26 AM

ඉල්ලන් කන්න යන්නේ.

:       6       3

Asintha Sunday, 19 March 2023 01:30 PM

@ජගත් ලියනගේ, ඔව් ඇමෙරිකාව නම් හුඟ කාලයක ඉඳන් ඉල්ලන් කන්න තමයි හදන්නේ.

:       1       2

pakeer Sunday, 19 March 2023 01:34 PM

ලෝකයේ බලය තුලනය විය යුතුමයි. එසේ නොවූ තැන වෙන්නේ විනාශයකි. රුසියාව මේ අයුරින් හැසිරීම ඉතාම සතුටට කාරණාවකි...

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 541 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site